தமிழ்
English
Contact
Saturday 24th March 2018    
වෛද්‍ය සභාවේ සභාපතිකම කාලෝගෙන් සයිටම්වාදියකුට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෛද්‍ය සභාවේ සභාපතිකම කාලෝගෙන් සයිටම්වාදියකුට!



ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධුරයට සයිටම් ආයතනය හිස්මුදුනින් පිළිගන්නා එහෙයියකු පත් කිරීමට ආණ්ඩුව සූදානම්වන බවට තොරතුරු අනාවරණය වේ.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා උසුලන සභාපතිධුර කාලය ජූනි මස 30 වැනිදායින් අවසන් වන නිසා ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනත අනුව නව සභාපතිවරයකු පත් කළ යුතුව ඇත. ඒ අවස්ථාව පාවිච්චි කරමින් සයිටම් ආයතනය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයකු නව සභාපතිධුරයට නම් කිරීම ආණ්ඩුවේ අරමුණ වී ඇත. රාජපක්ෂ පාලන සමයේ සයිටම් ආයතනය පිළිගත් වෛද්‍ය විද්‍යාලයක් ලෙස නම් කරන ලෙස කළ ඉල්ලීම අනුව එසේ පිළිගැනීමට නම් වෛද්‍ය සභාව විසින් ලබාදුන් අවම තත්වයන් සම්පූර්ණ කළ යුතු බව දන්වා තිබිණි. කෙසේවෙතත්, වෛද්‍ය සභාව දිගින් දිගටම සයිටම් ආයතනයේ ශිෂ්‍ය පිරිස වෛද්‍යවරුන් ලෙස පිළිනොගත් නිසා සයිටම් ආයතනය තම ශිෂ්‍යයන් හරහා නඩු මගට පිවිස තිබිණි. නමුත් වෛද්‍ය සභාව අධිකරණය ඉදිරියේදී පැවසුවේ එම ආයතනය පිළිගත් වෛද්‍ය විද්‍යාලයක් ලෙස දුන් පිළිවෙත්වලට අනුකූල නැතිව කටයුතු කරන බවයි.

මේ තත්වය තුළ වෛද්‍ය සභාවේ සභාපති ධුරය පුරප්පාඩු වීමෙන් ආන්ඩුවට වාසිදායක ඉඩක් ඇති ව තිබේ. මුදලට වෛද්‍ය උපාධි පිරිනමන සයිටම් වැනි පෞද්ගලික ආයතන තවතවෙත් බිහිකිරීමේ අරමුණ ඇතිව ආන්ඩුව මේ තනතුර සදහා සයිටම් ආයතනයට පක්ෂග්‍රාහී පුද්ගලයකු නම් කිරීමේ සූදානමක සිටින බවට වාර්තා වේ.