වෛද්‍ය අධ්‍යාපන ප්‍රමිති නීති නැතිව ගැසට් නිවේදන බෑ!
Posted on 07.19.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් පනවන ලද නීති නොමැතිව එවැනි ප්‍රමිතියක් සම්බන්ධ ගැසට් නිවේදන ප්‍රකාශයට පත්කළ නොහැකි බව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සෞඛ්‍ය ඇමැතිවරයාට දැනුම් දී ඇත.
සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් මේ බව දන්වා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් සකස් කර සෞඛ්‍ය ඇමැතිවරයාට භාර දීමෙන් අනතුරුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් වූ කෙටුම්පත ගැසට් කිරීමේ ක්‍රියාදාමයේ අවසන් අදියරේ තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ සමග කළ සාකච්ඡාවේදී පවා ඔහු පවසා ඇත. මේ කාරණා අගමැතිවරයා නොදන්නේද එසේත් නොමැති නම් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අගමැතිවරයා නොමග යවනවාද යන්න ගැටලුවක් මතුවන බවද වෛද්‍ය අලුත්ගේ පැවැසීය.
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කරන මෙන් අභියාචනාධිකරණය පසුගිය ජනවාරි 31 වන දින ප්‍රකාශයට පත් කරන ලද්දේ නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු හේතුවෙන් යැයිද වෛද්‍ය අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Related News