தமிழ்
English
Contact
Monday 28th August 2017    
වෛද්‍ය වර්ජනය පස්වරු 4.00න් අවසන් (Update) « Lanka Views | Views of the truth

වෛද්‍ය වර්ජනය පස්වරු 4.00න් අවසන් (Update)



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අග්‍රාමාත්‍ය කාර්යාල මණ්ඩල ප්‍රධානි අමාත්‍ය සාගල රත්නායක සමඟ අද(25) දින සිදු කරන ලද සාකච්ඡාවෙන් අනතුරුව පැවැත්වෙන සංඛේත වැඩ වර්ජනය අද පස්වරු 4.00න් අවසන් කිරීමට තීරණය කල බව එම සංගමය පවසයි.

පෙරවරුවේ අමාත්‍යවරයා සමඟ සිදු කරන ලද සාකච්ඡාවෙන් අනතුරුව රජයේ වැඩිය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී අදාළ තීරණය ගෙන තිබේ.

මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබුනේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් පැහැරගැනීමට විරෝධය දක්වමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

වෛද්‍යවරු සංඛේත වැඩවර්ජනයක

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් පසු ගිය 20වන දා සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගැනීමට විරෝධය දක්වමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද(25) දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්ත සංඛේත වැඩ වර්ජනයක නියැලේ.

සිය ඉල්ලීම්වලට බලධාරීන් යහපත් ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය ඵල කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවත් සිය විරෝධතාවය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට ලිපියක් මඟින් දැනුම් දුන් බවත් එම සංගමය අදහස් දක්වමින් කියා සිටින ලදී.

 


ආශ්‍රිත පුවත්




Related News