தமிழ்
English
Contact
Sunday 23rd July 2017    
වෙනිසියුලාවේ විපක්ෂය හෙට පැය 24 වැඩවර්ජනයක් කැදවයි « Lanka Views | Views of the truth

වෙනිසියුලාවේ විපක්ෂය හෙට පැය 24 වැඩවර්ජනයක් කැදවයි




වෙනිසියුලාවේ විපක්ෂය කණ්ඩායම් පැය විසිහතරක දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් හෙට කැදවා තිබේ.

නිකොලොස් මාදුරෝගේ නව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට එරෙහිව කටයුතු කිරීමේ අරමු‍ණෙන් මෙම වැඩවර්ජනය කැදවා ඇති බව වෙනිසියුලානු විපක්ෂ කණ්ඩායම් ඊයේ මාධ්‍ය හමුවේ පවසා තිබේ.

වත්මන් වෙනිසියුලානු පාලනයට එරෙහිව එක්සත් ජනපදයේ සහාය ලබන විපක්ෂ කණ්ඩායම් විසින් මාස කිහිපයක සිට එරට උද්ඝෝෂණ හා විරෝධතා පෙළපාල සංවිධානය කරති. ඒ හේතුවෙන් වෙනිසියුලාවේ වත්මන් දේශපාලන අර්බුදය උත්සන්න වෙමින් මේ වනවිට රට යම් අරාජික තත්වයක් දක්වා ගමන් කරමින් තිබේ.

මේ අතර මාදුරෝගේ රජය එරට නව ව්‍යවස්ථාදායක සභාවක් ඉදිරියේදී කැදවීමට සුදානම් වෙයි. එම උත්සාහයට එරට විපක්ෂ කන්ඩායම්වල දැඩි විරෝධය පළකර ඇත. මාදුරෝගේ එම උත්සාහයට එරෙහිව පසුගිය ඉරිදා එරට විපක්ෂය විසින් නොනිල ජනමත විචාරණයක් පැවැත්වීය.

එයට වෙනිසියුලාවේ විපක්ෂ කණ්ඩායම්වල සහාය ලබන ජනතාව විශාල වශයෙන් සහභාගීවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනි.



Related News