Posted on 09.26.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ගාසා තීරයේ බටහිර ඉවුරේ වෙඩි තැබීමකින් ඊශ්‍රායෙල් ජාතිකයින් තිදෙනෙකු මිගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පලස්තීන ජාතිකයකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයන් හේතුවෙන් මොවුන් මියගොස් ඇති බව වාර්තා වේ.
අද උදෑසන ඊශ්‍රායෙල් ජාතිකයින් තිදෙනෙකු ඉලක්කකර මෙම වෙඩි තැබීම සිදුකර ඇකැයි විදෙස් මාධ්‍ය පවසයි. වෙඩි තැබීමට සම්බන්ධ පලස්තීන ජාතිකයාද පසුව වෙඩි තබාගෙන මියගොස් ඇති බව වාර්තාවේ.
2015 වසරේ ඔක්තෝබර් මස සිට මේ දක්වා කාලය තුල පලස්තීන වැසියන් 300 දෙනෙකු විවිධ අවස්ථාවලදී ඊශ්‍රායෙල් ප්‍රහාරයන් හේතුවෙන් මියගොස් තිබේ. එම කාලය තුල ඊශ්‍රායෙල් ජාතිකයින් 50 දෙනෙකු හා විදේශිකයින් 5 දෙනෙකුද ඝාතනයවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි