වෙඩි තබා හෝ විරෝධතා නතර කල යුතුයි – මහින්ද අමරවීර
Posted on 05.18.2017 by janaka thushara in දේශීය පුවත් with 0 Comments
ඊයේ දින(17) SAITM අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් 15ක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එක්ව සංවිධානය කරන ලද දැවැන්ත පාගමනට ආණ්ඩුව පොලිසිය යොදා ගනිමින් කරන ලද පහර දීම සම්බන්දයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරන ලද්දේ මෙවැනි විරෝධතා ආණ්ඩුවට නොව මහජනතාවට විශාල ගැටළුවක් වී ඇති බැවින් ඔවුන්ගේද ඉල්ලීම පරිදි උද්ගෝෂණ වලට වෙඩි තබා හෝ නතර කලයුතු බවයි.
අද දින(18) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කරන ලදි.
කෙසේ වෙතත් ආණ්ඩුව ගැටළුවලට පිළිතුරු ලබා දෙනවා වෙනුවට විරෝධතා මර්ධනය කිරීම සාධාරණීකරණය කරමින් සිටින බව පැහැදිලි වේ.
Related News