தமிழ்
English
Contact
Friday 8th December 2017    
විදේශ වහල් සේවයෙන් මිනී ගෙන්වීම නවතව්! – Free Women! « Lanka Views | Views of the truth

විදේශ වහල් සේවයෙන් මිනී ගෙන්වීම නවතව්! – Free Women!



ආර්ථික පීඩාවෙන් පෙළෙන කාන්තාවන් වශ වහල් සේවයට යැවීමට එරෙහිවත් පොදුවේ කාන්තාවන්ට සුරක්ෂිත රැකියා අවස්ථා වෙනුවෙනුත් හඩ නගමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය මගින් සංවිධානය කළ විරෝධතාවක් අද(21) විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට පැවැත්විණි.

රැකියා නියෝජිත ආයතන හිමිකරුවන් හා ආණ්ඩුව එක්ව මෙම විදේශ ශ්‍රමිකයන් විශේෂයෙන් කාන්තාවන්‍, වහලුන් ලෙස විවිධ රටවලට පැටවීම සහ ඔවුන් වෙනුවෙන් වගකීම් විරහිත ලෙස කටයුතු කිරිමට සම්බන්ධව මෙහිදී විරෝධය පළ විය.

මෙම විරෝධතාව ඉදිරිපසින් එක පෙළට පොලිස් නිලධාරින් පිරිසක් යොදවමින් විරෝධතාව සහ සටන්පාඨ මාර්ගයේ ගමන් ගන්නා ජනයාට දැකිය නොහැකි ලෙස ආවරණය කිරිමට බලධාරින් විසින් පියවර ගෙන තිබිණි.

 




Related News