தமிழ்
English
Contact
Sunday 10th September 2017    
වැඩ වර්ජනය සාර්ථකයි, වෘත්තිය සමිති කියයි « Lanka Views | Views of the truth

වැඩ වර්ජනය සාර්ථකයි, වෘත්තිය සමිති කියයි



අද දින රජයේ  වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කැදවා තිබු වැඩ වර්ජනයට  වෘත්තීය සමිති රැසක් සම්බන්ධ වි තිබේ.

මේ වනවිට අත්‍යවශ්‍ය කටයුතු හා හදිසි ප්‍රතිකාර හැරුණු කොට අනෙකුත් කාර්යන්ගේ වෛද්‍යවරු බැහැරව සිටිති. එසේම සියලුම ගුරු සංගම් වර්ජනයට එක්ව තිබේ. දුම්රිය නියාමකවරු සහ දුම්රිය රියැදුරු සංගම් ද වර්ජනයට ක්‍රියාත්මක කරති.  මේ වනවිට සියලුම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තම අධ්‍යයන කටයුතු වලින් ඉවත්ව සිටින අතර කිරිබත්ගොඩ, හලාවත, අනුරාධපුර, බදුල්ල, මාතලේ, කරාපිටිය රොහල් ඉදිරිපිට උද්ඝෝෂණ සංවිධානය කොට තිබේ.

එසේම මෙම වර්ජනයට සහය පළ කරමින් විදුලිබල කම්කරුවන් අද දහවල් 12 ට උද්ඝෝෂණයක් කැදවා තිබේ. ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ කම්කරුවන් මාලිවත්ත ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට හා සපුගස් කන්ද, මුතුරාජවෙල යන සේවා ස්ථානවල උද්ඝෝෂණය කිරිමට නියමිතය. ඔවුන් වැඩිදුරටත් සදහන් කර සිටියේ මෙම ඉල්ලීම්වලට ආණ්ඩුව ඇහුම්කන් නොදෙන්නේ නම් තමන් ද වර්ජනයට එක්වන බවයි.




Related News