தமிழ்
English
Contact
Wednesday 9th August 2017    
දුම්රිය සේවකයන් වර්ජනය කළොත් සේවය හැර ගියා සේ සැළකේ! « Lanka Views | Views of the truth

දුම්රිය සේවකයන් වර්ජනය කළොත් සේවය හැර ගියා සේ සැළකේ!



දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් රාජකාරි කටයුතු සඳහා වාර්තා නොකරන්නේ නම් ඔවුන් සේවය අත හැර ගියා සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

අද (05) පැවැත්වෙන වර්ජනය සඳහා දුම්රිය රියදුරන්ගේ සහ දුම්රිය නියාමකවරුන්ගේ වෘත්තීය සමිතිද එක්වන බව ඊයේ (04) එම සමිති විසින් ප්‍රකාශ කර තිබුණි. කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවා ගෙන තිබෙන දුම්රිය රියදුරන්ට රැකියා අහිමි කරනු ලැබුවහොත් වැඩ වර්ජනය තවත් බරපතල වනු ඇති බවද දුම්රිය වෘත්තිය සමිති පවසයි. මේ අතර වැඩවර්ජනයේ යෙදීමෙන් රැකියාවෙන් දොට්ට දමන සේවකයන්ගේ පුරප්පාඩු පිරවීමට ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ලැයිස්තු මත රැකියා දීමේ සූදානමක් ඇති බවද දැනගන්නට ඇත.



Related News