தமிழ்
English
Contact
Monday 18th December 2017    
ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් අධික බර හා තරබාරුයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් අධික බර හා තරබාරුයි



ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් අධික බර හා ස්ථුලතාවයෙන් පෙළෙන බව නවතම වෛද්‍ය පර්යේෂණ වාර්තාවකින් හෙළීවී ඇත.

වසර 25ක් තිසිසේ කරන ලද පරීක්ෂණවල ප්‍රථිපල අනුව පෙනී ගොස් ඇත්තේ ලොව පුරා ජනගහණයෙන් තුනෙන් එකක් පමණ සිය නියමිත බර ප්‍රමාණයට වඩා බරකින් යුක්තවීම හා ස්ථුලතාවයෙන් පෙළන බවයි.

විශේෂයෙන් ළමා වයසේ පසුවෙන පිරිසෙන් 5%කුත් වැඩිහිටි ජනගහණයෙන් 12% කට වැඩි පිරිසක් අධික තරබාර බවට ගොදුරුව ඇති බවයි. මෙම තත්වය 1980 වෙන් පසුව දෙගුණවී ඇති බවද එම පර්යේෂණයෙන් අනාවරණය කරගෙන ඇත.

එංගලන්තයේ නිකුත් කරනු ලබන මෙම වෛද්‍ය පරීක්ෂණ ජර්නලය මගින් මෙම නව තත්වය හෙළිකර ඇත.

පරීක්ෂණයට ලක්ව ඇති කාල වකවානු ලෙස ගෙන ඇත්තේ 1990 වසරේ සිට 2015 වසර දක්වූ වසර විසිපහක කාලයකි. මෙම හෙළිදරව්වට අනුව ලොව ජනගහනයෙන් ළමා වයසේ සිටින 2.2%ක්ද වැඩිහිටි ජනයා 12%ක් අධික ස්ථුලතාවයට ගොදුරුව සිටින බවයි. එම ප්‍රමාණය ලොව ජනගහනයෙන් 30%ක් වන බවයි.




Related News