ලොක්හීඩ් මාටින් හා ටාටා සමාගම එක්ව අවි නිෂ්පාදනය කිරීමට සූදානම්
Posted on 06.21.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
එක්සත් ජනපදයේ ප්‍රධානතම ප්‍රහාරක යානා නිපදවන ලොක්හීඩ් මාටින් සමාගම හා ඉන්දියාවේ ටාටා සමාගම එක්ව ඉන්දියාවේදී එෆ් 16 වර්ගයට අයත් ප්‍රහාරක යානා නිෂ්පාදනය සදහා වන එකගතා ගිවිසමුක් අත්සන් කර ඇත.
මේ දිනවල පැරිසියේ පැවැත්වෙන පැරිස් ගුවන් ප්‍රදර්ශනය අතර තුරදී මෙම සමාගම් දෙක මෙම නව ගිවිසුමට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ගිවිසුමට අනුව එක්සත් ජනපද රැකියා සුරක්ෂිත කරන අතර නව නිෂ්පාදන කාර්මාන්ත ශාලාවක් ඉන්දියාවේ ආරම්භ කිරීමට මෙමගින් එකගවී තිබේ. ඉන්දීය රුපියල් ලක්ෂ 60,000ක වටිනාකිමින් යුත් නිෂ්පාදන බිහි කිරීමට සැලසුම්කර ඇත.
මෙම සමාගම් සිය නව නිෂ්පාදන ලෙස එෆ් 16 වර්ගයේ ප්‍රහාරක යානා,හෙලිකොප්ටර්, සබ්මැරීන් හා සන්නද්ධ රථ නිෂ්පාදනය කිරීමට සැළසුම්කර ඇති බව ටාටා පුත්‍ර සමාගමේ සභාපති එන්. චන්ද්‍රසේකරන් ප්‍රකාශකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Related News