Posted on 08.16.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
චීන රජය සමග ඒකාබද්ධව කරනු ලැබූ මෙහෙයුමකින් පසු ලැටිවියාවේ සිටි විවිධ මූල්‍ය අපරාධවලට සම්බන්ධ චීන ජාතිකයින් 110 දෙනෙකු එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අන්තර්ජාල සේවා හා දුරකතන සේවාවන් උපයෝගී කරගෙන මහා පරිමාණ ලෙස මූල්‍ය වංචා සිදුකරන බවට චීන රජයෙන් හා ලැට්වියානු රජයට ලැබුණු තොරතුරු මත මෙම චීන ජාතිකයින්ව අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙන බව වාර්තාවේ. මෙසේ වංචා කරන ලද මුදල් ප්‍රමාණය ඩොලර් හා යුරෝ මිලියන ගණනාවක් බව වාර්තාවේ.
මෙම මූල්‍ය වංචා සිද්ධියට සම්බන්ධ අපරාධ කණ්ඩායමේ ප්‍රධානියාද අත්අඩංගුවට ගත් අය අතර සිටී. මෙම සංවිධානාත්මක අපරාධයට සම්බන්ධ ලැට්වියානු ජාතිකයින් කිහිපදෙනෙකුද සිටින බව වාර්තාවේ. වසර කිහිපයක සිට මෙසේ චීනයේ හා වෙනත් රටවල පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වලින් හා ක්‍රෙඩිට් කාඩිවලින් මහා පරිමාණව මුදල් ලබා ගෙන ඇති බව වාර්තාවේ.
ලොව පුරා මෙසේ විවිධ රටවල පුද්ගලයින්ගේ මුදල් මහා පරිමාණ ලෙස සොරා ගැනීමේ ජාත්‍යන්තර ජාවාරමක් ක්‍රියාත්මකව පවතින අතර චීන ජාතිකයින්ද එම ජාවාරමට සම්බන්ධව සිටී.