Posted on 10.13.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ලයිබීරියානු ජනාධිපවරණයෙන් හිටපු පාපන්දු ක්‍රීඩක ජෝර්ජ් වෙත්ට වැඩි වාසි හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය 10 දින එරට ජනාධිපතිවරණය පැවැත්වීය ජනාධිපතිවරණයට මෙවර ප්‍රධාන වශයෙන් ඉදිරිපත්ව ඇත්තේ වත්මන් උප ජනාධිපති ජෝසල් බොයිකානි හා ජෝර්ජ් වෙත්ය.
ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයකුට මැතිවරණයෙන් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 50% කට වඩා ලබා ගැනීමට නොහැකිවුවහොත් ලබන නොවැම්බර් මස ජනාධිපතිවරණයේ දෙවන අදියර පැවැත්වේ. නිල ප්‍රථිපල ඔක්තෝබර් මස 25 වැනි දින නිකුත් කිරීමටනියමිත බව වාර්තාවේ.
කෙසේ වෙතත් මේ වන විට ලයිබීරියාවෙන් වාර්තා වන නිල නොවන ප්‍රතිපලවලට අනුව හිටපු පාපන්දු ක්‍රීඩක ජෝර්ජ් වෙත්ට වැඩි වාසිදායක තත්වයක් මෙවර මැතිවරණයෙන් ලබා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි. ලයිබීරියානු ප්‍රාන්ත 15කින් සමන්විත මැතිවරණ කොට්ඨාශ අතරින් 11ක ජය ජෝර්ජ් වෙත්ට හිමිව ඇති බව නිල නොවන වාර්තා දක්වා තිබේ.
ජාත්‍යන්තර පාපන්දු සංගමය විසින් 1995 වසරේ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයා ලෙස ජෝර්ජ් වෙත්ව නම්කරනු ලැබීය.
ලයිබීරියාවේ වත්මන් ජනාධිපතිනිය වන ඒලියන් ජොන්සන් 2006 වසරේ සිට මේ දක්වා ජනාධිපතිනිය ලෙස කටයුතු කරයි. ඇය අප්‍රිකානු රටකින් බිහිවූ ප්‍රථම ජනාධිපතිනියද වේ, ඇය නොබෙල් සාම සම්මානයද ලබා ගැනීමට සමත්වූවාය. කෙසේ වෙතත් එරට ව්‍යවස්ථාවට අනුව දෙවරකට වඩා ජනාධිපතිධුරය දැරීමට එක් අයෙකුට නොහැකිය.
ලයිබීරියාව ලෙස හදුන්වන්නේ19 සියවසේ එක්සත් ජනපදයෙන් නිදහස් කරන ලද අප්‍රිකානු වහලුන් පදිංචිකරමින් ස්ථාපිත කරනු ලැබූ බටහිර අප්‍රිකානු රාජ්‍යයි. ලයිබිරියාව ස්වාභාවික සම්පත් අතින් පොහොසත් රටකි.