தமிழ்
English
Contact
Sunday 24th September 2017    
ලන්ඩනයේ දුම්රියක පිපිරීමෙන් 29 දෙනෙකුට තුවාල « Lanka Views | Views of the truth

ලන්ඩනයේ දුම්රියක පිපිරීමෙන් 29 දෙනෙකුට තුවාල



ඊයේ බටහිර ලන්ඩනයේ උමං දුම්රිය මධ්‍යස්ථානය ආසන්නයේ පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වේ. දුම්රිය මැදිරියක් තුළ මෙම පිපිරීම සිදුව තිබෙන අතර මෙම සිදුවීමෙන් පසුව පොලිසිය හා ආරක්ෂක අංශ එම ස්ථානය වෙත පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බටහිර ලන්ඩනයේ ‘පාර්සන්ස් ග්‍රීන්’ උමං දුම්රිය මධ්‍යස්ථානය ආසන්නයේ දුම්රියක සිදූවූ පිපිරීම හේතුවෙන් පුද්ගලයින් 29 දෙනෙකුට තුවාල ලබා ඇති බව වාර්තාවේ. තුවාල ලැබූ අය අතරින් වැඩි දෙනෙකු පිළිස්සීමෙන්  හානි සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිපිරීම සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ පවසා ඇත්තේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින් මෙම ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති බවයි. බ්‍රිතාන්‍ය අගමැතිවරිය පවසා ඇත්තේ මේ වන විට බ්‍රිතාන්‍ය තුල ත්‍රස්ත ක්‍රියා උස්සන්නවී ඇති බවත් මහජන ආරක්ෂාව සදහා අමතරව ආරක්ෂක ක්‍රියා මාර්ග ගන්නා බවයි.

පසුගිය මාස කිහිපය තුල බ්‍රිතාන්‍යයේ ස්ථාන කිහිපයකටම විවිධ ත්‍රස්ත ප්‍රහාරයන් කිහිපයක් එල්ල විය.




Related News