Posted on 08.04.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
රුසියාව සමග පවතින වොෂිංටන් සම්බන්ධතා ඉතා පහළ අඩියකට වැටී ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තත්වය වඩාත්ම උග්‍ර වී ඇත්තේ පසුගිය දා එරට කොංග්‍රස් මණ්ඩලයෙන් නව සම්බාධක පැණවීමට අදාල පනතක් සම්මත කිරීමෙන් පසුව බව ඔහු විසින් පෙන්වා දී ඇත. දෙරට අතර පැවති තානාපති සම්බන්ධතාද ඉතා අයහපත් අඩියකට වැටී ඇති බවත්.
මෙම මොස්කව් වෙත නව සම්බාධක පැණවීමෙන් පසුව මෙම තත්වය ඉතා නරක අතට හැරී ඇති බව අවධාරණය කර ඇතැයි වාර්තාවේ.
එක්සත් ජනපදය විසින් අළුතින් පැනවීමට යන සම්බාධක පිළිබදව රුසියාව පවසා ඇත්තේ මෙහි අරමුණ රුසියානු ආර්ථික වශයෙන් දුර්වල කිරීමේ ක්‍රියාවලියක් බවයි. ඒ වගේම සිය රටට එරෙහිව පූර්ණ ආර්ථික හා වෙළෙද යුද්ධයක් එක්සත් ජනපදය විසින් ක්‍රියාත්මක කිරීම මෙම නව සම්බාධක වල අරමුණවී ඇති බවයි.