தமிழ்
English
Contact
Monday 18th December 2017    
රුසියානු විදෙස් ඇමැති සර්ජි ලැව්රෝව් වොෂින්ටන් යයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රුසියානු විදෙස් ඇමැති සර්ජි ලැව්රෝව් වොෂින්ටන් යයි



තෙදින නිල සංචාරක් සදහා රුසියානු විදෙස් ඇමැති සර්ජි ලැව්රෝ අද නිව්යෝර්ක් බලා යන බව රුසියානු විදෙස් කටයුතු අමාත්‍යාංශ්‍ය පවසයි.

මෙම තෙදින සංචායේ අරමුණ වන්නේ ඇලස්කාවේ පැවැත්වෙන ආර්ටික් කොමිමේ විදෙස් ඇමැතිවරුන්ගේ හමුව සදහා සහභාගීවීමත්, ඉන් අනතුරුව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් වන රෙක් ටිලර්සන් හමුවී දෙරට අතර යුක්රේන හා සිරියානු  අර්බූදය පිළිබදව මතුව ඇති ගැටලුකාරී තත්වයන් විසදාගැනීමේ අරමුණයි.

සිරයානු අර්බූදය මේ වනවිට සටන් විරාම තත්වයක් නිර්මාණය කර ගැනීමේ උත්සාහයක රුසියාව තුර්කි හා ඉරානය යම් උත්සාහයක් ගනු ලබයි. පසුගිය සතියේ සිරියානු පධාන නගර හතරක සටන් නැවැත්වීමේ අරමුනෙන් ගැටුම් නැවැත්වීමේ එකගතාවයකට පැමිණ සිටින අතර සිරියානු රජයේ හමුදා මෙන්ම සිරියානු විපක්ෂයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම්වලට එම නගර තුල කිසිදු අවි ගැටුම් ඇති නොකර ගන්නා ලෙස එකග කර ගැනීමට සමත්ව ඇත.

අනෙක් කරුණ වන්නේ නැගෙනහිර යුක්රේනයේ පවතින ගැටුම්කාරී තත්වය නවත්වා එම ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම හා යුක්රේන හමුදා හා නැගෙනහිර ප්‍රද්ශයේ සටන්කාමීන් අතර එකගතාවයක් ඇති කර ගැනීමයි.




Related News