தமிழ்
English
Contact
Friday 17th November 2017    
රුසියානු ආරක්ෂක ඇමැති ගිය ගුවන් යානය අසලට නෙටෝ ප්‍රහාරක යානයක් පැමිණේ « Lanka Views | Views of the truth

රුසියානු ආරක්ෂක ඇමැති ගිය ගුවන් යානය අසලට නෙටෝ ප්‍රහාරක යානයක් පැමිණේ



නෙටෝ ප්‍රහාරක යානයක් රුසියානු ආරක්ෂක ඇමැති ගමන් ගත් ගුවන්යානය අසලට පැමිණීමට ගත් උත්සායක් රුසියානු ගුවන් හමුදා ප්‍රහාරක යානයකින් කළ අනතරු ඇගවීමකින් පසුව ඉවත්වයයි.

රුසියානු ආරක්ෂක ඇමැතිවරයා අද දින රුසියාවට අයත් බටහිර රුසියාව ආසන්නයේ පොල්න්තය හා ලිතුවේනියාව අතර පිහිටි ක්ලිනින්ගාඩ්හි ආරක්ෂක අංශ ඉහළ පෙලේ නිලධාරීන් හමුවීමට යන අවස්ථාවේදී ඉහත සිදුවීමට මුහුණපා ඇති බව වාර්තාවේ.

මෙම සිදුවීමේදී  රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි සොයිගු ගමන්ගත් රුසියානු ගුවන් යානයේ එරට රජයේ මාධ්‍ය කණ්ඩායමක් සිටි ඇති අතර ඔවුන් මෙම සිදුවීම වීඩියෝ ගත කර තිබේ.

රුසියානු ආරක්ෂක අමාත්‍ය වරයා ගමන් ගත් යානය අසලට ළගාවීමට උත්සාහ කළ නෙටෝ හමුදාවේ එෆ්. 16 වර්ගයේ ප්‍රහාරක යානයකට රුසියානු එස්.යූ27 වර්ගයට අයත් යානයකින් කරන ලද දැඩි අනතුරු ඇගවීමෙන් පසුව ඉවතට ගොස් ඇති බව රුසියානු රජය මේ සිදුවීම පිළිබදව මාධ්‍ය වෙත ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය පවසයි.




Related News