පොලොන්නරුවේදී මෛත්‍රී තුන්වැනි තැනට වැටේ!
Posted on 05.05.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පොළොන්නරුව විවිධ සේවා සමුපකාර සමිතියේ ඡන්ද විමසීමේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නායකත්වය දෙන ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඡන්දවලින් 3 වෙනි ස්ථානයට වැටී ඇත.
මහා සභාවට නියෝජිතයින් 41 දෙනෙකු පත්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම ශ්‍රීලංකා පොදු ජන පෙරමුණෙන් ජයග්‍රහණය කොට ඇත. එසේම නියෝජිතයන් 33 දෙනෙකු පත් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය 2 වැනි ස්ථානයට පැමිණි තිබේ. ජනාධිපති මෛත්‍රීගේ කණ්ඩායමෙන් පත්ව ඇත්තේ නියෝජිතයන් 15 දෙනෙකුපමණකි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වෙන තෙක්ම නියෝජනය කළ දිස්ත්‍රික්කය තුළ මෙම ඇදවැටීම ජනාධිපතිවරයාගේ ඉදිරි ගමන පෙන්වන දර්ශකයක් බව දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහසයි.
Related News