தமிழ்
English
Contact
Thursday 16th November 2017    
මහජන දිනයට අධ්‍යාපන ඇමති නෑ! « Lanka Views | Views of the truth

මහජන දිනයට අධ්‍යාපන ඇමති නෑ!



බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ මහජන දිනයට බත්තරමුල්ලේ පිහිටි ‘රන්මග පාය‘ නමැති පළාත් අධ්‍යාපන අමාත්‍යංශ  කාර්යාල පරිශ්‍රයට අධ්‍යාපන ඇමති ඉසුර දේවප්‍රිය නොපැමිණීම නිසා විශාල පිරිසක් අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වේ.

අද දින පෙරවරුවේ සිට තුන්සියයක් පමන පිරිසක් අධයාපන ඇමතිවරයා සහ අධ්‍යක්ෂවරයා හමුවීමට එම ස්ථානයට පැමිණ පොරොත්තු අංක ලබාගෙන සිටියද ඇමතිවරයා පැමිණ නැත. අධ්‍යක්ෂවරයා පැමිණ ඇත්තේද දහවල් 12.00 පසුවී බව එහි ගිය මව්පියෝ චෝදනා කරති. ඇතැම් මව්පියෝ රාජකාරි ස්ථානවලින් නිවාඩු දමා පාන්දරින් පැමිණ පෙරවරු 7.30 සිට එම ස්ථානයේ සිටි බවද ප්‍රමාදවන තත්වය තුල මව්පියන්ගේ දෝෂාරෝපණ වැලැක්වීමට  නෙස්කැෆේ පානයක් ලබාදුන් බවද කියැවේ.




Related News