Posted on 08.13.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
පිලිපීනයේ මත්ද්‍රව්‍යවලට එරෙහි මෙහෙයුමෙන් ජීවිත7000ක් අහිමි කර ඇතත් එරට මත්ද්‍රව්‍ය ව්‍යාපාරය නිසි ලෙස මැඩලීමට තමාට නොහැකිවී ඇති බව පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටාටේ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වසර දෙකක් තිස්සේ මත්මන් ජනාධිපතිවරයා විසින් සිය මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සීටී.මෙම මර්දන ක්‍රියා මාර්ගයට මේ වනවිට පිලිපීන ජාතිකයින් 7000 කට පමණ සිය ජීවිත අහිමිව ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනා පිලිපීන හමුදාව හා පොලීසිය විසින් කරන ලද මෙහෙයුම්වලදීම මරුමුවට පත්ව ඇති බව වාර්තාවේ.
මෙම මර්දක වැඩ සටහනේ මිනිස් ඝාතනයන් ගැන විවිධ මානව හිමිකම් සංවිධාන හා ජාත්‍යන්තර ක්ෂාමා සංවිධානය විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.
පසුගියදා සිය මත්ද්‍රව්‍ය මෙහෙයුම පිළිබදව එරට ජනාධිපතිවරයා පවසා ඇත්තේ සිය මැතිවරණ පොරොන්දුවට අනුව තමා කටයුතු කරමින් සිටින බවයි. සිය මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම තවම අවසන් නොමැති බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.
මෙම මර්දන ක්‍රියාවලිය එක් ජනාධිපතිධුර කාලයකින් නිම කිරීමට නොහැකි බවත් ඒ සදහා තවත් කාලයක් අවශ්‍ය වන බව ජනාධිපති රොද්‍රිගෝ ඩුටාටේ පවසා ඇතැයි වාර්තාවේ.