පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදේශ රටවල කම්කරු රැලිවලට එක්වෙයි!
Posted on 05.09.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පසුගිය මැයි 1 වැනිදාට යෙදුන ජාත්‍යන්තර කම්කරු දින රැලියට සමාන්තරව ලෝකයේ රටවල් ගණනාවක වාමාංශික පක්ෂ විසින් සංවිධානය කළ කම්කරු දින පෙළපාලි හා රැලිවලට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික සාමාජිකාවන් සහභාගි වූ බව එම පක්ෂයේ මාධ්‍ය අංශය පවසයි
ඉතාලිය, ප්‍රංශය, ඉතාලිය හා ස්විට්සර්ලන්තය වැනි රටවල් කිහිපයකදී මෙසේ ජකම්කරු දිනය සමරන්නට පෙ.ස.ප. සාමාජික සාමාජිකාවන් එක්ව තිබේ. පක්ෂය විසින් කම්කරු දින තේමාව ලෙස ගත් “අධීරාජ්‍යවාදී නවලිබරල් වැඩපිළිවෙළට එරෙහිව, වැඩකරන ජනතාවනි, නැගිටිව්!“ යන තේමා පාඨය රැගත් බැනර්, ප්ලැකාඩ් සහ රතු ධජ රැගෙන සටන්පාඨ කියමින් ඔවුහු මෙසේ සිය ජාත්‍යන්තරවාදී කොමියුනිස්ට් ව්‍යාපාරයේ වැදගත්ම දිනයට සහභාගි වූහ.

Save
Save
Related News