Posted on 09.22.2017 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
මුදලට තරග පාවාදීම යන චෝදනාවට ලක්ව සිටි පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක ඛලීඩ් ලතීෆ්ට වසර පහක ක්‍රිකට් තහනමක් පැනවීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.
පසුගිය බදාදා දින මෙම තීරණය පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී. ඛලීඩ් ලතීෆ්ට එල්ලවී තිබූ සියලු චෝදනාවන්ට ඔහු වැරදිකරු බවට එම චෝදනා සම්බන්ධව පැවැති දීර්ඝ විමර්ශන කටයුතු අවසානයේදී තහවුරුව ඇති බවට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
ඒ හේතුවෙන් ඛලීඩ් ලතීෆ්ට වසර පහක තරග තහනමක් පැනවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට මසකට පමණ පෙරද පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයකුට තරග පාවාදීමේ චෝදනාව යටතේ වරද කරුවීමෙන් පසුව වසර පහකට තරග තහනමක් පැනවා තිබුනි.