ප්‍රවීණ රංගධර විමල් කුමාර ද කොස්තා අවසන් ගමන් යයි
Posted on 11.20.2016 by Awantha Idamegama in කලා with 0 Comments
ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා මහතා අභාවප්‍රාප්ත අද (20) පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත. අභාවප්‍රාප්ත වන විට 68 වැනි වියේ පසුවූ ඒ මහතා සිනමාව මෙන්ම ටෙලිනාට්‍ය කලාවේද ප්‍රවීණ රංගධරයෙකු විය.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අද (20) දහවල් ඒ මහතා මිය ගිය බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
විශිෂ්ඨ ගණයේ චරිතාංග නළුවෙකු වන විමල් කුමාර ද කොස්තා මහතා සාගරිකා, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, සරුංගලය, මරුවා සමග වාසේ යන යන චිත්‍රපටවලදී සිය රංග ප්‍රභාව මනාව නිරූපණය කළේය.
Related News