Posted on 08.28.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
සිය ගණනක් ප්‍රංශ සෙබළුන්ගේ භාර්යාවන් සිය පුරුෂයන්ගේ ඛේදජනක සේවා කොන්දේශිවලට එරෙහිව හා වැඩි වැටුප් ඉල්ලා පැරිස් නගරයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සංවිධානයට එරට සෙබළුන්ගේ භාර්යාවන් 5200ක් පමණ සම්බන්ධවී ඇති බවත් ඒ අය අතරින් සිය ගණනක් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට සම්බන්ධවී ඇති බව වාර්තාවේ.
සිය රාජකාරි දිවිය තුල ඇති අධික කටුක තත්වය හා විවේකය නොමැතිවීම දරා ගැනීමට නොහැකිව සිය පවුල් ජීවිත කඩාබිද වැටෙන තත්වයක් වර්ධනයවී ඇති බව උද්ඝෝෂණය සංවිධානය කරන සෙබළ බිරිදන් පවසා ඇත.

පසුගිය වසර දෙකක කාලයක සිට ප්‍රංශයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයන් හේතුවෙන් ඇතිව තිබෙන තත්වය විසින් ප්‍රංශය පුරා සෙබළු 7000ක් පමණ රජයේ වැදගත් ස්ථාන ගණනාවක් ආරක්ෂා කිරීමේ රාජකාරිවලට යොමුකර ඇත. ඊට අමතරව විශේෂයෙන් විදෙස් රටවල හමුදා මෙහෙයුම් සදහා සහභාගීවු සෙබළුන්ගේ තත්වය වඩා අයහපත් බව ඔවුන්ගේ භාර්යාවන් පවසන බව ප්‍රංශ මාධ්‍ය හෙළිකර තිබේ.
මෙම උද්ඝෝෂණ සදහා සූදානම්වල සෙබළ බිරියන් පවසන්නේ මෙම රාජකාරිවල නියුතු සෙබළුන්ගේ මානසික තත්වය බොහෝ ව්‍යාකූල තත්වයකට පත්ව ඇති බවත් ඔවුන්ට නිසි විවේකය නොමැති කමින් දැඩි මානසික ආබාධයන්ට ලක්ව සිය පවුල් ජීවිතයේ නොයෙක් ගැටලුවලට මුහුණපාන්ට සිදුව ඇති බවයි.
වත්මන් ප්‍රංශයේ ඇතිව තිබෙන දැඩි ආර්ථික අර්බූදය හේතුවෙන් එරට අයවැයෙන් ආරක්ෂක අංශ සදහා වෙන් කළ මුදල් විශාල ප්‍රමාණයක් කපා දැමීමටත් ඊට අමතරව එරට සුභසාධන ගණනාවක් කපා දැමීමේ පියවරයන් ගණනාවක් වත්මන් මැක්රෝන්ගේ අණ්ඩුව ගෙන තිබේ. එරට ආරක්ෂක අංශ ප්‍රතිපාදන කැපීමට එරෙහිව මීට පෙර ප්‍රංශ හමුදා ප්‍රධානී ජෙනරාල් ෆියරේ ඩි විලියර්ස් ඉල්ලා අස්වීමට කටයුතු කළේය.