தமிழ்
English
Contact
Thursday 27th July 2017    
පරිසරය විනාශ වුනත් උමා ඔය ව්‍යාපෘතිය අඛණ්ඩව « Lanka Views | Views of the truth

පරිසරය විනාශ වුනත් උමා ඔය ව්‍යාපෘතිය අඛණ්ඩව




දැඩි පාරිසරික ගැටළු විශාල ප්‍රමාණයක් නිර්මාණය කරන ලද උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය මේ වන විට 77% ක ප්‍රමාණයක් අවසන්ව තිබීම හේතුවෙන් නතර කල නොහැකි තත්වයක පවතින බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසයි.

අද(22) දින පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස ප්‍රකාශ කරන ලදි.

ආරම්භයේදී ලබා දී ඇති පරිසර වාර්ථා සම්බන්දව කිසිසේත් සැහීමකට පත් නොවන බවත්, පරිසරය විනාශ වුවත් මෙම ව්‍යාපෘතිය අවසනයේ මෙම ගැටළු මඟ හැරී යනු ඇති බවට බලාපොරොත්තු වන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා සඳහන් කලේ උමා ඔය ව්‍යාපෘතිය ආරම්භයේ සිදු කරන ලද සැලසුම් සඳහා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කිසිඳු සහයෝගයක් ලබා නොගෙන ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ ගැටලුවට විසඳුම් ලබා දෙනවා වෙනුවට සාම්ප්‍රදායික ප්‍රවේශයෙන් එහි වගකීම පෙර ආණ්ඩුවලට භාර කරමින් ප්‍රශ්න මඟ හරිමින් වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව පැහැදීලි වේ.



Related News