නෙවිල්ගෙ රෝහල රජයට ගෙන ‘සයිටම්‘ රකින්න ආණ්ඩුව සැරසේ!
Posted on 06.28.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වෛද්‍ය උපාධිය අලෙවි කරන සයිටම් ආයතනයට අනුබද්ධව පිහිටුවන ලද නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගෙන ශික්ෂණ රෝහලක් ලෙස දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඇමති කබීර් හෂීම් පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. පසුගිය 21 වැනිදා සයිටම් විරෝධී ශිෂ්‍යයන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශය අත්පත් කරගෙන නැගූ විරෝධය කුඩු පට්ටම් කිරිමට ආණ්ඩුව විශේෂ කාර්ය බලකාය හා විශේෂයෙන් පුහුණු කළ කැරලි මර්දන භටයන් යොදා ගත්තේය. එසේ වුවද සයිටම් ආයතනය සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සෑහිමකට පත්කරන විසදුමක් ලෙස ආණ්ඩුව ලබා දුන් විසදුම පවා ව්‍යාජයක් බව ශිෂ්‍ය ක්‍රියාකාරිකයෝ චෝදනා කරති. නෙවිල් ප්‍රනාන්දුගේ සයිටම් ව්‍යාපාරය වෛද්‍ය උපාධිය අලෙවි කිරිමට එරෙහිව ගෙන ගිය විරෝධතාව නිසා ඔහුගේ ව්‍යාපාරික අරමුනු ආරක්සා කරන්නට ආණ්ඩුව පෙනී සිටියි. එම ආයතනය රජයට පවරා ගනු වෙනුවට කොටස් වෙලදපොළට දැමීමටත් ශික්ෂණ රෝහලක් නොමැති නිසා අභියෝගයට ලක්ව ඇති එහි පැවැත්ම ආරක්ෂා කරන්නට නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන ශික්ෂණ රෝහලක් කරන්නට ආණ්ඩුව සූදානම් වේ. කැබිනට් තීරනයේ අරමුණ එය බව ශිෂ්‍ය නියෝජිතයෝ චෝදනා කරති.
සයිටම් ආයතනය පුන්‍යායතනයක් ලෙස හෝ අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන යාම හෝ 51%ක් රජයට තබාගෙන ඉතිරි 49% කොටස් වෙළඳපොළට දැමීම යන කරුණූ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ගැන සාකච්ඡා කරන බවත් ඇමැතිවරයා කීවේය. කෙසේ වෙතත් සයිටම් ආයතනයට සිසුන් බදවාගැනීම හෝ උපාධි ප්‍රදානය නතර කිරීමට තමන් සූදානම් නැති බව එහි හිමිකරු නෙවිල් ප්‍රනාන්දු ප්‍රසිද්ධියේ පවසයි.