නාසි සංවිධාන ජාලයක් ජර්මන් හමුදාව තුල ක්‍රියාත්මක බව හෙළිවේ
Posted on 05.04.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ජර්මන් හමුදා නිළධාරියකු සැක පිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරුවලට අනුව එරට වමාංශික දේශපාලඥයින් හා නාසි විරෝධී ඉහළ පෙලේ ජර්මන් රාජ්‍ය නිලධාරීන් ඝාතනය කිරීමේ සැලසුමක් හෙලිකර ගැනීමට එරට අරක්ෂ අංශ සමත්ව තිබේ.
පසුගිය දිනක ජර්මන් හමුදා භටයකු ව්‍යාජ නමකින් සිරියානු සරණාගතයකු ලෙස ලියා පදිංචීමට ගොස් හෙලිදරව්වීමෙන් පසු මෙම නව නාසි සංවිධාන ජාලය හෙළි කර ගැනීමට එරට ආරක්ෂංක අංශ සමත්ව ඇත. ජර්මන් හමුදාවේ ඉහළ නිලතල හොඹවන නාසිවාදී නිළධාරීන්ගේ සෘජු සහයෝගය මෙම වැඩ පිළිවෙලට ලැබී ඇති බවට එම විමර්ශන කණ්ඩායම් සැක පහළ කර ඇත.
පසුගියදා සැක සහිග ජර්මන් ආරක්ෂ අංශ සාමාජිකයක් අත්තඅඩංගුවට ගෙන කරන ලද විමර්ශවලදී හෙළිවූයේ ඔහුගේ නිවසේ සැක කටයුතු පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් සගවා තබා ඇති බවයි. ඊට අමතරව වියානා ගුවන් තොටුපොල ආසන්නයේ සගවා තිබූ ගිනි අවියක්ද එරට ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත.
මේ තත්වය පිළිබදව ජර්මන් ආරක්ෂක අංශ දැඩි විමර්ශනයක් ආරම්භකර ඇතැයි වාර්තාවේ. මෙම සිදුවීම වාර්තාවීමත් සමග එරට ආරක්ෂ ඇමැතිනියගේ එක්සත් ජනපද සංචාරයද තාවකාගිකව අත්අහිටුවා අති අතර වහාම ජර්මන් අරක්ෂක අංශයේ ඉහළ පෙලේ නිලධාරීන් පිරිසකගේ හදිසි හමුවක් සුදානම් කර ඇතැයි වාර්තාවේ.
Related News