தமிழ்
English
Contact
Sunday 29th April 2018    
නව දේශපාලන පක්ෂ 6ක් පිළිගනී – එකතුව 70ක්! « Lanka Views | Views of the truth

නව දේශපාලන පක්ෂ 6ක් පිළිගනී – එකතුව 70ක්!



මැතිවරණ කොමිෂන් සභාව විසින් තවත් දේශපාලන පක්ෂ හයක් දේශපාලන පක්ෂ වශයෙන් පිළිගෙන ඇත.

එම කොමිසමේ වාර්තා අනුව මෙම වසරේදී විවිධ පාර්ශවයන් විසින් පක්ෂ 92ක් පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් පිළිගන්නා ලෙස ඉල්ලුම් කර තිබිණි. කෙසේවෙතත්, එයින් පක්ෂ හයක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචි කළ බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. මේ සමග ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ ගණන 70ක් බවට පත්ව තිබේ. පහත සටහන් වන්නේ නව පක්ෂ 6 පිළිබද මූලික තොරතුරුය.

පක්ෂය පක්ෂ ලේකම් මැතිවරණ ලකුණ
එක්සත් ජාතික නිදහස් පෙරමුණ මෛත්‍රී ගුණරත්න මහතා කෙසෙල් ඇවරිය
එක්සත් වාමාංශික පෙරමුණ ලාල් විජේනායක මහතා ඔරුව
කම්කරු ජාතික පෙරමුණ එම්. තිලකරාජා මහතා දෑකැත්ත
ජාතික සමගි පෙරමුණ එම්. අසාත් සාලි මහතා කණ්නාඩි කුට්ටම
යහපාලන සඳහා වූ ජාතික පෙරමුණ එම්.ආර්.මොහොමඩ් නජා මහතා කොටි යුගල
ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය මහින්ද දේවගේ නායකයා බැලූනය




Related News