தமிழ்
English
Contact
Thursday 28th December 2017    
නවාෂ් ෂෙරීෆ් වෙනුවට බිරිද ගෙන ඒමට මුස්ලීම් ලීගය සැරසේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නවාෂ් ෂෙරීෆ් වෙනුවට බිරිද ගෙන ඒමට මුස්ලීම් ලීගය සැරසේ



පසුගියදා පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ හේතුවෙන් සිය අගමැතිධුරයෙන් හා මන්ත්‍රීධුරයෙන් ඉවත්වීමට සිදුවූ නවාෂ් ෂෙරීෆ්ගේ පුරප්පාඩුව සදහ ඔහුගේ බිරිද පාර්ලිමේන්තුවට පැමිණීමේ උත්සාහයක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නවාෂ් ෂෙරීෆ්ගේ බිරිද වන කුල්සූම් නවාෂ් ඉදිරියේදී පැවැත්වීමට නියමිත  ලාහෝර් පාර්ලිමේන්තු අසුන සදහා තරගවැදීමට නියමිත බව පාකිස්ථාන මුස්ලිම් ලීගය පවසයි. නිසැක ලෙසම කුල්සූම් නවාෂ් එම අසුන ජය ගන්නා බව එම පක්ෂය විශ්වාස කරන බව මාධ්‍ය වෙත පවසා තිබේ. ලාහෝර් අසුන පසුගියදා හිස්වූයේ හිටපු අගමැතිවරයා ඉවත්වීමෙන් පසුවය.

වාර්තාවන අන්දමට මෙයට පෙර ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස හෝ වෙනත් නිලතලවල කටයුතු කර නොමැත. තව දින 45කින් පමණ ලාහෝර් ආසනය සදහා වන අතුරු මැතිවරණය පැවැත්වීමට නියමිත බව වාර්තාවේ. පාකිස්ථාන මුස්ලිම් ලීගයේ සැලකියුතු බලයක් නවාෂ් ෂෙරීෆ් බලයෙන් ඉවත්ව ගියද ඔහුට හිමිව තිබෙන බව වාර්තාවේ.

නවාෂ් ෂෙරීෆ් මේ උත්සාහය කරන්නේ සිය පවුලටම නැවත මුස්ලිම් ලීගයේ හා ආණ්ඩුවේ බල කේන්ද්‍රය තමාට මෙහෙයවිය හැකි ලෙස පවත්වා ගැනීම බව මෙමගින් පෙනී යයි.




Related News