தமிழ்
English
Contact
Thursday 14th December 2017    
දිස්ත්‍රික්ක කීපයකට ආපදා පිළිබද අනතුරු ඇගවීම් « Lanka Views | Views of the truth

දිස්ත්‍රික්ක කීපයකට ආපදා පිළිබද අනතුරු ඇගවීම්



බස්නාහිර, සබරගමුව පළාත්වල සහ කුරුණැගල හා ගාල්ල දිස්ත්‍රික්කවල ඉදිරි පැය 24 තුල වැසි වර්ධනය වීම හා තද සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබේ.

මෙම කලාපවල මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂිත බවද එම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර ඇත. මේ නිසා ගංවතුර, නාය යාම් වැනි අනතුරු පිළිබද සැලකිලිමත්වන ලෙස එම දිස්ත්‍රික්කවල ජනයාට දැනුම් දෙනු ලැබ තිබේ. එසේම දිගින්නු දිගටම ඇතිවී තිබෙන වර්වෂා තත්රවය නිසා එළිය, කලුතර, හම්බන්තොට, ගාල්ල, මාතර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල නායයාම් ඇතිවිය හැකි බැවින් අවධානයෙන් සිටින ලෙස ආපදා කලමනාකරන මධයස්ථානය නිවේදනය කරයි.




Related News