தமிழ்
English
Contact
Sunday 24th September 2017    
දරුණු භූමිකම්පාවකින් මෙක්සිකෝවේ 200 මියයති « Lanka Views | Views of the truth

දරුණු භූමිකම්පාවකින් මෙක්සිකෝවේ 200 මියයති



මෙක්සිකෝවේ අද හටගත් දරුණු භූමිකම්පාවකින් පුද්ගලයෝ 200ක් පමණ මියගොස් තවත් පිරිසක් අතරුදහන් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම භූමිකම්පාව හටගෙන තිබෙන්නනේ මෙක්සිකෝ නගරය ආසන්නයේ බව වාර්තාවේ.

මෙම අනතුරෙන් පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එහි සිටි පාසල් ළමුන් 20 වැඩි පිරිසක් මියගොස් තවත් ළමයින් 30 දෙනෙකු පමණ අතුරුදහන්ව ඇති බව එරට ජනාධිපති එන්රික් පේනා නෙයිටෝ මාධ්‍ය වෙත ප්‍රකාශකර තිබේ.

රිට්ටාමාපකයේ 7.1 ප්‍රබලත්වයෙන් යුතු මෙම භූමිකම්පාව මෙක්සිකෝව ආසන්නයේ ඇති රටවලටද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ආපදාවෙන් අනතුරට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ බව මෙක්සිකෝ බලධාරී විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.




Related News