දකුණු කොරියානු ජනාධිපතිවණය අද
Posted on 05.09.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
පසුගිය මාර්තු මස 10දින දකුනු කොරියානු ජනාධිපතිධුරයෙන් ඉවත් කළ පාර්ක් ගුවෙන් හයිගව් හිස්වූ ජනාධිපතිධූරය සදහා අපේකෂකයකු තෝරාගැනීමේ ජනාධිපතිවරණය අදයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරය අනුව ජනාධිපතිවරණය ජය ගැනීමේ වැඩි ඉඩ කඩක් කොරියානු ප්‍රජාතන්‍ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක මූන් ජේ ඉන් වෙත හිමිව අති බව පෙනේ. පසුගියදා පැවති ජනමත සමීක්ෂණයෙන් 39%ක පමණ ප්‍රතිශතයක් ලබාගෙන ඇත.
කොරියානු ජනතා පක්ෂයේ ඈන් චෙඔල් සූ 20% ක් පමණ ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත්ව ඇත.
දක්ෂිණාංශික නිදහස් කොරියානු පක්ෂයේ හොන් ජුන් පොයි 16% ක ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත්ව තිබේ.
විශේෂයෙන් දකුණු කොරියාව සිය සමීප ලෝක බලවතකු වන එක්සත් ජනපදය සමග ඇතිකරරෙගන තිබෙන ආරක්ෂක ගිවිසුම්වලට හා දෙරට සමග වාර්ෂිකව පවත්වන යුධ අභ්‍යාෂවලට උතුරු කොරියාව සිය විරෝධය ප්‍රකාශ කරයි.
එපමණක් නොව සිය ආරක්ෂක උපාය මාර්ගය වන තම රටට න්‍යෂ්ඨික අවි අත්පත් කර ගැනීමේ අරමුණෙන් උතුරු කොරියාව පවත්වනු ලබන මිසයිල අත්හදා බැලීම් හා න්‍යෂ්ටික පිපිරවීම් පසුගිය කාලයේදී උග්‍ර කරන ලදී.
එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් රට්‍රම්ගේ ආකුමණකාරී දැඩි විදෙස් ප්‍රතිපත්තිත් පසුගියදා පැවති දකුණු කොරියානු හා එක්සත් ජනපද ඒකාබද්ධ යුධ අභ්‍යාස උතුරු කොරියාවට එරෙහි සෘජු පහරදීමේ හා ආකුමණකාරී තත්වයක් දක්වා වර්ධනය වුනි.
මේ තත්වය හේතු කොටගෙන උතුර කොරියාවද තම රටට එරෙහිව ප්‍රහාරයක් සිදු කළහොත් දකුණු කොරියාවට හා ජපානයට එරෙහිව සෘජුවම ප්‍රහාරයක් එල්ල කරන බවට නිවේදනය කළේය. මෙම තත්වය හේතුවෙන් කොරියානු අර්ධද්වීපයේ දේශපාලන හා යුදමය උණුසුම වැඩි විය.
හෙටට නියමිත ජනාධිපතිවරණයෙන් කවුරු බලයට පැමිණියත් ඔහුට කොරියානු දේශපාලන හා බැදී පවතින අධිරාජ්‍යවාදී යුදමය අර්බූදය විසදීමේ පුද්ගල හැකියාවක් නොමැති බව පෙනී යයි.
Related News