Posted on 08.22.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
සිරියාවේ අගනුවර මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශනය ආසන්නයට රොකට් ප්‍රහාරයක් එල්ලවී ඇත. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයෝ කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.
2011 වසරේ සිට පවතින එරට ගැටුම් හේතුවෙන් මේ දක්වා කිසිදු ජාත්‍යන්තර මට්ටමේ ප්‍රදර්ශනයක් පවත්වා නොතිබුනි. නමුත් පසුගියදා ඩමස්කස් නුවර ආරම්භවූ ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශනය සිරියාවේ යම් දේශපාලන ස්ථාවරත්වයක් පෙන්නුම් කිරීමට අසාද් පාලනය සමත්ව ඇත. මෙම වෙළද ප්‍රදර්ශනය පසුගිය 17 වැනි දින ආරම්භ වූ අතර තවත් දින දහයක් පැවැත්වීමට නියමිතව තිබේ.
ඊයේ මෙම ප්‍රදර්ශනය ඉලක්ක කර රොකට් ප්‍රහාරය එල්ල කර ඇත්තේ එරට කැරලි කණ්ඩායම් විසින් බව සිරියානු රජය චෝදනා කරයි.
මෙම වෙළද ප්‍රදර්ශනය විවෘත කරමින් ජනාධිපති අසාද් පවසා ඇත්තේ සිරියානු රජයට එරෙහි කැරලි කරුවන්ට සහයෝගය ලබා දෙන කිසිදු බටහිර රටක් සමග ඉදිරියේදී කටයුතු කිරීමට තම රජය සූදානම් නොමැති බවයි. විශේෂයෙන් සිරියානු රජයට සහයෝගය බා දුන් රුසියාව,චීනය,හා ඉරානය වැනි මිත්‍ර රටවල් සමග ඉදිරි වෙළද කටයුතු තවත් දැඩි කිරීමට ක්‍රියා කරන බවයි.