Posted on 08.10.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ට්‍රම්ප්ගේ හිටපු මැතිවරණ කටයුතු ප්‍රධානියාවූ පාවුල් මැනර්ෆෝට්ගේ නිවස එෆ්.බී. අයි. නිළධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව ඇති අතර එහි තිබූ ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයන්ට සම්බන්ධ ලිපි ලේඛන හා තවත් තොරතුරු අඩංගු ප්‍රමාණයක් රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිද්ධියට පෙර එ.ජනපද සෙනෙට් මණ්ඩලයේ ආරක්ෂක කමිටුව හමුවේ පාවුල් මැනර්ෆෝට් සිය කැමැත්තෙන්ම සාක්ෂියක් ලබාදීමට කටයුතු කළේය. ට්‍රම්ප්ගේ මැතිවරණ කටයුතු අතරතුර පාවුල් මැනර්ෆෝට් ඉල්ලා අස්විය. ඒ අවස්ථාවේ ඔහු ඒ පිළිබදව වැඩිදුර යමක් ප්‍රකාශ නොකළේය.
පසුව ඒ පිළිබදව හෙළිව ඇත්තේ ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යපාරයට ලැබුනු විදෙස් මූල්‍ය අනුග්‍රහයන් පිළිබදව ඔහුට ඇතිවූ සැකය හේතුවෙන් එම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානියාගේ වගකීමෙන් ඉවත්වීමට තමා කටයුතු කළබවයි.
ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට රුසියාව විසින් රහසින් උදවු කළ බවට මේ වන විට එක්සත් ජනපද බුද්ධි අංශවල සැකයට හේතුවී අති අතර ඒ පිළිබදව විවිධ පරීක්ෂණයන් පැවැත්වේ.