தமிழ்
English
Contact
Friday 28th July 2017    
ජාවාරම්කාර සහතික මිල එපා- ගම්මිරිස් ආනයනය නවතනු!  – ගොවි අරගල විරෝධය « Lanka Views | Views of the truth

ජාවාරම්කාර සහතික මිල එපා- ගම්මිරිස් ආනයනය නවතනු! – ගොවි අරගල විරෝධය




ගම්මිරිස් මිල පහත වැටීම මුල්කර ගනිමින් බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්මිරිස් ගොවින්ගේ උද්ඝෝෂණයක් ‘ගොවි අරගල ව්‍යාපාරය‘ විසින් අද(26) කැදවා තිබිණි.

ගොවි ගැටලු සම්බන්ධයෙන් පාලකයන්ගේ අවධානයක් යොමු නොකිරීම පිළිබද විරෝධය දැක්වූ මෙම උද්ඝෝෂණයට ගොවි ජනතාව විශාල වශයෙන් සහභාගි වූහ. ‘ජාවාරම්කරුවන්ට ඉඩහදන රු 900 යේ සහතික මිල එපා !‘ ගම්මිරිස් ආනයනය වහා නවතනු !‘ යන සටන් පාඨ තේමාකරගෙන මෙම විරෝධතාව පෙව 10 ට බදුල්ල නගරයේ මහරෝහල අසළින් ඇරඹුණි. බදුලුල නගරය දක්වා පැමිණි අතර ගම්මිරිස් ගොවි උද්ඝෝෂනය ඌව පළාත් සභාව ඉදිරිපිටදී පැවති අතර ඔවුන් රැගෙන ආ ⁣ජනතා පෙත්සම පලාත් ආණ්ඩුකාරයාට භාර දෙන ලදී.

Save