தமிழ்
English
Contact
Saturday 30th September 2017    
ජපන් මුහුදේ චීන රුසියා නාවික අභ්‍යාස අරඹයි « Lanka Views | Views of the truth

ජපන් මුහුදේ චීන රුසියා නාවික අභ්‍යාස අරඹයි



ජපන් මුහුද හා රුසියානු දේශසීමාව අසල ඔක්හොස්ට් මුහුදු ප්‍රදේශය තුල රුසියානු හා චීනය විසින් මහා පරිමාණ නාවික අභ්‍යාසයක් ආරම්භ කර ඇත.‍

මෙම නාවික අභ්‍යස පසුගිය සදුදා සිට සතියක් දක්වා පැවැත්වීඹට දෙරටේ නාවික ප්‍රධානීන්ගේ සැලසුම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නාවික අභ්‍යසය සදහා දෙරටේම නවීනතම යුද නෞකා විශාල ප්‍රමාණයක්ද සබ්මැරීන් ගණනාවක් සැපයුම් නෞකා කිහිපයක්ද සම්බන්ධවී ඇති බව වාර්තාවේ.

පසුගියදා කොරියානු හා ජපන් මුහුදු කලාපය තුල එක්සත් ජනපදය හා ජපානය හා දකුණු කොරියාව විසින්ද ඒකාබද්ධ නාවික අභ්‍යාශයක්ද පවත්වා තිබුනි.

එම නාවික අභ්‍යාස අවසන් වනවාත් සමගම රුසියානු හා චීන නාවික අභ්‍යාස ආරම්භ කරමින් සිය කලාපය  තුල එක්සත් ජනපදයේ මැදිහත්වීමට ප්‍රථිචාර ලෙස මෙම අභ්‍යාස ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.




Related News