தமிழ்
English
Contact
Thursday 27th July 2017    
ජනාධිපතිගේ අත්‍යවශ්‍ය සේවා නියෝගයෙන් විරෝධතා මර්දනයක්! « Lanka Views | Views of the truth

ජනාධිපතිගේ අත්‍යවශ්‍ය සේවා නියෝගයෙන් විරෝධතා මර්දනයක්!




කසළ බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ජනාධිපතිවරයාගේ විශේෂ ගැසට් නියෝගයක් නිකුත් කර කසළ බැහැර කිරීමෙන් තමන්ට සිදුවන අසාධාරණය ගැන කසළ කදු අවට විරෝධය දක්වන ජනතාව මර්දනය කිරීමට ආණ්ඩුව සූදානම් වේ.

කොළඹ නගරයේ කසළ කිරිදිවැල මාළිගාවත්ත කසළ කළමණාකරන මධ්‍යස්ථානයට ගෙන ඒමට විරෝධය පළ කළ ප්‍රදේශවාසී ජනතාවට පොලිස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ලොරි 10ක් රැගෙන ඒමට විරෝධය පළ කරමින් ජනතාව මාර්ගය අවුරා විරෝධතා දක්වන්නට වූහ. මෙහිදී ළගා වූ පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ ද ප්‍රදේශවාසීන් පළවා හැරීමට නොහැකි වීමෙන් කුණු ලොරි ආපසු හරවාගෙන යෑමට සිදු විය.

කිරිදිවැල මාළිගාවත්ත කසළ කළමණාකරන මධ්‍යස්ථානයට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යොදා අපද්‍රව්‍ය රැගෙන ආ විට ප්‍රදේශවාසීන් පාර අවහිර කරමින් බාධා කිරීම නිසා කිරිදිවැල මාළිගාවත්ත හන්දියේ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

ගම්පහ ජේෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල, නියෝජ්‍යය අමාත්‍ය ඩුලිප් විජේසේකර සහ හිටපු ප්‍රාදේශීය සභාපති මිලාන් ජයතිලක ඊයේ පෙරවරුවේ කිරිදිවැලදී කළ සාකච්ඡාවකට අනුව මෙම කසළ ලොරි 10 ගෙන්වන්නට තීන්දු කර ඇති බව පසුව හෙළි විය. සම්බන්ධව පැවැත්වුහ. අප්‍රේල් 28 දින දක්වා කොළඹ කසළ ටොන් 80ක් බැගින් මෙම මධ්‍යස්ථානයට රැගෙන ඒමට මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇති බව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා දන්වා සිටියේය. කෙසේවෙතත් ජනතාව එම තීන්දුවට විරෝධය පළ කළහ.

මේ අතර, මීතොටමුල්ලේ කසළ තොග රැගත් රථ ජාඇල පමුණුගම  ප්‍රදේශයට පැමිණ කුණු බැහැර කිරීමට යන වගට වූ දැනුම්දීමක් මත එය වළක්වාලීමට ප්‍රදේශවාසීහු අද (20) දෑලතුර ඇල ඉවුරට රැස්වූහ.  කිසියම් උණුසුම් තත්වයක් ඇතිවීමට ඉඩ ඇති නිසා එය පාලනය කිරීමට  මීගමුව පොලිස් කොට්ඨාසයෙන් නිලධාරින් සිය දෙනකු පමණ සීරුවෙන් තබා තිබු බව ද වාර්තා විය. පස්වරු 2.00  වනතුරුත්  කුණු රැගත් රථ නොපැමිණි නිසා පිරිස විසිර ගියහ.

මහින්ද රාජපක්ෂ පාලනයේදී මෙන්ම වත්මන් ආණ්ඩුව යටතේද මීතොටමුල්ල කසළ කන්දට එරෙහි විරෝධතා සම්බන්ධයෙන්ද අනුගමනය කෙරුනේ මර්දනකාරිත්වයමය. මීතොටමුල්ල විනාශයෙන් ජිවිත ගණනාවක් බිලිදී දේපළ හානිවීමෙන් පසුවද පාලකයන් විරෝධතා හමුවේ මර්දනය කැදවීම මිස එම විරෝධයට ඇහුම්කන් දන්නට සූදානම් නැති බව මෙයින් පෙනී යයි.

Save



Related News