ජනමාධ්‍යවේදීන්ට පහරදීම සහ පෞද්ගලික මාධ්‍යයන්ට කරන තර්ජන හෙළා දකිමු! – ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය
Posted on 07.15.2016 by Chandana Sirimalwatte in Uncategorized with 0 Comments
ජනමාධ්‍යවේදී දයා නෙත්තසිංහ සහෝදරයාට දේශපාලන අතවැසියන් පිරිසක් විසින් පහර දුන්නේ ප‍්‍රසිද්ධ සභාවකදීය. නෙලූව, දෙල්ලව නාථාරාම විහාරයේ පැවැති මෙම සාකච්ඡුාව කැඳවා තිබුණේ පියසේන ගමගේ නමැති හිටපු මන්ත‍්‍රීවරයකුගේ ඉල්ලීම අනුවය. ගාල්ල මාතර වාරිමාර්ග අධ්‍යක්ෂවරීය, නෙලූව ප‍්‍රාදේශීය ලේකම් යන රාජ්‍ය නිලධාරින් මෙම රැස්වීම කැඳවා ඇත්තේ ආඳාදොළ හරස් කරමින් ඉදිකරන්නට යන කුඩා ජල විදුලි ව්‍යාපෘතියක් පිළිබද ගැටලූ සාකච්ඡා කරන්නට බව පැවසේ. එහිදී පරිසරවේදියකු ලෙස තමන් විසින් ගවේශනාත්මකව කළ අධ්‍යයන අනුව ඇතිවන ගැටලූ ඉදිරිපත් කිරීමේදී මැරයන් විසින් මාධ්‍යවේදී දයා නෙත්තසිංහට පහරදී බාධා කර ඇත.
මෙමගින් මතුවන ගැටලූ කිහිපයකි. හිටපු ඇමැති යන නිල නාමයෙන් රාජ්‍ය නිලධාරින්ට නියෝගකර රැස්වීම් කැඳවන්නට රාජපක්ෂ පාලනයේ ප‍්‍රාදේශීය බලවතකු වන පියසේන ගමගේට ඇති හැකියාව එක් පැත්තකින් තිබේ. අනෙක් අතට ප‍්‍රදේශයේ පාරිසරික ගැටලූ ඇතිකරමින් ඉදි කරන්නට යන විදුලි බලාගාරයකට රජයේ නිලධාරින්ගේ අවසරය ලැබුනේ කෙසේද යන්නය. එසේම තමන්ගේ මූලිකත්වයෙන් කැඳවන රැුස්වීමකදී මාධ්‍යවේදියකුට ප‍්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් වගකීම එම රැුස්වීම කැඳවූ නිලධාරින් භාරගන්නවාද යන්නය.
මෙම සිදුවීම ප‍්‍රාදේශීය මට්ටමේ තලයෙන් ඔබ්බට යන මානයක් තිබේ. හවුල් ආණ්ඩුවේ අගමැතිවරයා විසින් ප‍්‍රසිද්ධියේ ජනමාධ්‍යවේදීන්ට බැන අඩගසමින් තර්ජනාත්මක ස්වරයෙන් වගකීම් විරහිත කටයුතු කළ අවස්ථා දක්නට ලැබිණි. එසේම පෞද්ගලික රුපවාහිනී නාලිකා විසින් ආණ්ඩුව විවේචනය කිරීම ගැන ජනාධිපතිවරයා විසින් කළ ප‍්‍රසිද්ධ විවේචනයක් තිබේ. ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ඇතැම් පෞද්ගලික නාලිකා තම ගුවන් කාලයෙන් 80%ක් ආණ්ඩුව විවේචනය කිරීමට සහ ආණ්ඩුව ගැන කතාකරන්නට 20%ක් වැය කරන බවය. ජනාධිපතිවරයා නොකියා කියන්නේ ආණ්ඩුව වර්නනා කරන්නට 50%ක්වත් වෙන්කර ඉතිරි කාලය විවේචනය කරන්න යන්නය. එහි තේරුම ආණ්ඩුව විවේචනය කිරීමට 100%ක් ගුවන් කාලයක් ගත්තොත් එවැනි ආයතනවලට තරංගමාලා ලබා නොදෙන බවය. ආණ්ඩුව විසින් මේ ආකාරයට ජනමාධ්‍ය කෙරෙහි බලපෑම් කරන්නට පටන් ගෙන ඇත්තේ බලයට පත්වී අවුරුද්දකට වැඩි කාලයක් ඉකුත් වෙමින් තිබියදීය. අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය, විවේචනය කිරීමේ නිදහස වැනි විවිධ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී බණ’ දෙසමින් රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දමන්නට ජනතාවට ආයාචනා කළ සමය දැන් අගමැතිවරයාට හෝ ජනාධිපතිවරයාට අප මතක් කර දිය යුතුය. අප සිතන්නේ ඔවුන්ට ඒවා අමතක වූ බව නොවේ. එදා කළ බොරුව දැන් ඔවුන්ගේ භාවිතයෙන් ඔප්පුවන බවයි. තොරතුරු දැනගැනීමේ අයිතිය, අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම අමු අමුවේ උල්ලංඝනය කළ රාජපක්ෂ පාලනයට එරෙහිව ගෙන ගිය ජනමාධ්‍ය සංවිධානවල ඒකාබද්ධ විරෝධයද වත්මන් ආණ්ඩුවේ නායකයන් විසින් සිය මැතිවරණ ව්‍යාපාරයේ ගිණුමට බැරකරගත් අවස්ථා තිබිණි. එම තත්වයට ඉඩ ලබා දුන් ඇතැම් ජනමාධ්‍ය සංවිධානවලටද ජනමාධ්‍ය ක‍්‍රියාකාරින්ටද මෙහිදී වගකීමෙන් පලා යන්නට නොහැකිය.
මේ ලෙස ආණ්ඩුවේ බලවතුන් ජනමාධ්‍ය සම්බන්ධයෙන් කරන විවේචනයේ දේශපාලන අරමුණක් තිබේ. කොතෙක් යහපාලන බණ දේශනා කරමින් පැමිණියද පාලකයන්ට ජනමාධ්‍යකරුවන් කෙරෙහි ඇත්තේ යටත්වැසියන් විය යුතුය යන අදහසය. ජනමාධ්‍ය සම්බන්ධ විවේචන කළ යුතුවන්නේ යම් විවේචනයක් කිරීමට ඔවුන්ට ඇති අයිතිය පිළිගෙනය. නමුත් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා කළ අදහස් දැක්වීම් කියවාගත හැකි වන්නේ දේශපාලන බලවතුන්ගෙන් නිතරම එළියට පනින තර්ජනාත්මක ආකල්පයක් ලෙසය. ‘ආණ්ඩුව කියන දේ ප‍්‍රචාරය කිරීම නුඹලා කළ යුතුය’ යනුවෙන් ජනමාධ්‍ය කෙරෙහි නියෝගයක් ලෙස එය පළ වේ. මෑතකදී දේශපාලකයකුගේ අතවැසියන් විසින් මාධ්‍යවේදී ෆ්‍රෙඞී ගමගේ වෙත මීගමුවේදී එල්ල කළ බරපතල ප‍්‍රහාරය එහිදී අමතක කළ නොහැකිය. ෆ්‍රෙඞී ගමගේ සහ දයා නෙත්තසිංහ යන දෙදෙනාටම එල්ල වූ ප‍්‍රහාරයන් තුළ පමණක් නොව පසුගිය කාලයේ විවිධ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට එල්ල කළ හිරිහැර තුළින් කියැවුනේද ”විවේචනය කරන්නේ බලාගෙන!” යන තර්ජනයයි. මෙම පහරදීම් හෝ බැනවැදීම් තත්වය දෙස නිහඩව බලා සිටිය නොහැකිය. හෙළාදැකීමේ නිවේදනවලින්ම සියල්ල යහපත්වන්නේ නැත. ඒ නිසා උද්ගතව ඇති තත්වය හමුවේ නිහඩව සිටි කාලය අවසන් කරන ලෙස සහෝදර ජනමාධ්‍යෙවිදීන්ට හා සහෝදර ජනමාධ්‍ය සංවිධානවලට ආයාචනා කරමු.
චන්දන සිරිමල්වත්ත – කැඳවුම්කරු