தமிழ்
English
Contact
Wednesday 10th June 2020    
ගොවි ක්‍රියාකාරිකයන්ට පහර දෙමින් ජ.වි.පෙ. ජනවාරිය රත්කරයි. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගොවි ක්‍රියාකාරිකයන්ට පහර දෙමින් ජ.වි.පෙ. ජනවාරිය රත්කරයි.



ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිරිසක් විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගොවි අරගල ව්‍යාපාරයේ සාමාජිකයන් පිරිසකට අද (21) දින ලුනුගම්වෙහෙරදී ප්‍රහාරයක් එල්ල කර ඇත.

ගොවි අරගල ව්‍යාපාරයේ සාමාජිකයන් අද ලුනුගම්වෙහෙර පොළ භූමියේ දැනුවත් කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටියදී මෙසේ පහරදී ඇත්තේ ජ.වි.පෙ. ලුනුගම්වෙහෙර සංවිධායක වීරවිජය, දිමුතු හා ජයනි යන සාමාජිකයන් තකිදෙනා විසිනි. පොළ භූමිය අවට ගොවි අරගල ව්‍යාපාරයේ පත්‍රිකා බෙදමින් සිටින අවස්ථාවේ ඔවුන්ට කිතුල් පොල්ලකින් සහ අතින් පයින් පහරදී තිබෙන බවත් තුවාල ලැබූ පුබුදු නමැති සාමාජිකයා දෙබරවැව රෝහලට ඇතුළත් කළ බවත් ගොවි අරගල ව්‍යාපාරයේ ප්‍රකාශකයෙක් ‘ලංකාවීව්ස්‘ වෙත පැවසීය.

මේ සම්බන්ධ පැමිණිල්ල ලුනුගම්වෙහෙර පොලිසිය විසින් සටහන් කර ගෙන ඇත්තේ 02 – 265 යටතේ වුවද පැමිනිල්ල ඉදිරිපත් කළ හා පහරදුන් දෙපිරිසම අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඇති බවට දැනගන්නට ඇත. ලුනුගම්වෙහෙර පොළ භූමියේ බොහෝ දෙනා බලා සිටියදී ඇති වූ මෙම සිදුවීම ජ.වි.පෙ විසින් කළ පහරදීමක් ලෙස නොසළකමින් පොලිසිය කටයුතු කරන අතර දෙපිරිස අතර ගැටුමක් බව පෙන්වන්නට ජ.වි.පෙ. සාමාජිකයකුද තුවාල ලබා ලුණුගම්වෙහෙර රෝහලට අතුළත් කර තිබේ.

Save




Related News