Posted on 08.17.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ග්වාතමාලාවේ අගනුවර රෝහලක සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයේ 07 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය පිරිස අතර බන්ධනාගාර නියාමකයින් දෙදෙනෙකු හා රෝහල් කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු හා ප්‍රථිකාර සදහා පැමිණි තිදෙනෙකුද සිටී.
ග්වාතමාලාහි අපරාධ කණ්ඩායමක නායකයකු නිදහස් කර ගැනීමේ අරමුණෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තාවේ. සිය නායකයා බන්ධනාගාරයේ සිට රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණයක් සදහා රැගෙන ගොස් තිබියදී මෙම ප්‍රහාරය එල්ලකර ඇත.
මෙම ප්‍රහාරය එල්ලකර ඇත්තේ ඔහු නිදහස් කර ගැනීමේ අරමුණෙන් බවත් ප්‍රහාරයෙන් පසුව ඔහු පළාගොස් ඇති අතර ප්‍රහාරයට පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ මේ වනවිට සමත්ව ඇති බව වාර්තාවේ.