தமிழ்
English
Contact
Friday 3rd May 2019    
ගම්පහ සංධානයේ නාම යෝජනා අවුලක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගම්පහ සංධානයේ නාම යෝජනා අවුලක



එක්සත් ජනතා නිදහස් සංධානයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා සකස් කිරීමේදී බරපතල ගැටුම්කාරී තත්වයක් නිර්මාණයවී ඇතැයි වාර්තාවේ.

එයට මූලික හේතුවක් වන්නේ මහින්ද පාර්ශවයේ ප‍්‍රබලයකු වන ප‍්‍රසන්න රණතුංගට සංධානයෙන් නාමයෝජනා ලබාදීමට එරෙහිව චන්දි‍්‍රකා බණ්ඩාරණායක දැඩිව සිටින නිසාය.

ඇය පවසා ඇත්තේ රණතුංග පවුලෙන් මෙවර තිදෙනෙකු සදහා නාමයෝජනා ලබාදීමට නොහැකි බවයි.

මේවන විට අර්ජුන රණතුංග හා රුවන් රණතුංග යන දෙදෙනොට සංධානයෙන් නාමයෝජනා ලබාදීමට එකගවී ඇති නිසා ඊට අමතරව මහින්ද පාර්ශවයේ ප්‍රබල ආධාරකරුවකු වන ප්‍රසන්න රණතුංගට හා සමන්මලී කලසූරිය හා සහන් ප‍්‍රදීප් යන අයටද  නාමයෝජනා නොලැබීමේ තත්වයක්  උද්ගතව ඇති බවයි.




Related News