Posted on 07.26.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට බදු දීමට අදාළ ගිවිසුම එළඹෙන සෙනසුරාදා (29) අත්සන් කිරීම කල් දැමීමට ආණ්ඩුවට තීරණය කර තිබේ.
අද (26) යුද හමුදාව විසින් කොලොන්නාව තෙල් සංකීර්ණයට ඇතුළු වී එහි කනාජ තෙල් බෙදා හැරීමේ කටයුතු නැවත ආරම්භ කිරිමට සමාන්තරව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවේදි මෙම තිරණය ගෙන තිබේ. තෙල් සංස්ථා සේවක අරගලය හේතුවෙන් ලබන 29 වැනිදා නියමිතව තිබූ ගිවිසුම අත්සන් කිරීම කල් දමන්නට එකගතා ඇතිව තිබේ. එසේම ලබන අඟහරුවාදා (01) දින ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් සමග තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට එකගතා ඇතිකර ගෙන තිබේ. ඒ සඳහා ආණ්ඩුව නියෝජනය කරමින් ඛනිජතෙල් සම්පත් ඇමතිවරයා, වරාය ඇමතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත ය. මේ තත්වය තුළ ඉදිරි සාකච්ඡාවලින් ආණ්ඩුවේ විසදුම කුමක්දැයි නිශ්චිතව ලබාගන්නා තුරු ඛනිජ තෙල් වෘත්තීය සමිති ආරම්භ කර තිබු වැඩවර්ජනය තාවකාලිකව නතර කිරීමටද තීරණය කර තිබේ.
අද රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජිත සේනාරත්න ඇමතිවරයා කීවේ හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුම පිළිබද සිකුරාදා (28) පාර්ලිමේන්තු විවාදයෙන් පසුව සෙනසුරාදා ගිවිසුම අත්සන් කරන බවයි. කෙසේවෙතත් ආණ්ඩුවේ ප්‍රකිචාරය අනුව ඉදිරි අරගලය තීරණය වන බව වෘත්තිය සමිති නායකයෝ පවසති.

වර්ජකයන් අත්අඩංගුවට…

විහේෂ කාර්ය බලකාය පැමිණීම

සේවක දඩයම
