தமிழ்
English
Contact
Saturday 30th September 2017    
කොදෙව් කණ්ඩායම පරදා එංගලන්තය ටෙස්ට් තරගාවලිය ජයගනී « Lanka Views | Views of the truth

කොදෙව් කණ්ඩායම පරදා එංගලන්තය ටෙස්ට් තරගාවලිය ජයගනී



සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති තුන්වන ටෙස්ට් තරගයෙන් කඩුළු නමයකින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත්විය.

මේ තරගය ජය ලැබීමත් සමග බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට එංගලන්ත ක්‍රීඩකයින් ඊයේ සමත්විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සදහා ලබාගත් ලකුණු 123 කි. ඒ සදහා  කේ. හොප් ලකුණු 39 ක්ද එස්. හෝප් ලකුණු 29ක්ද ලබා ගැනීඹට සමත්විය. ඉන් පසු  පිළිතුරු ලෙස එංගලන්ත පළමු ඉනිම සදහා ලකුණු 194 ක් පමණි. ඒ සදහා බෙන් ස්ට්‍රෝක් ලකුණු 60ක් ලබා ගැනීමට සමත්විය.

සිය දෙවන ඉනිම සදහා බටහිර ඉන්දීය  කණ්ඩායමට සියලු දෙනාම දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 177ක් පමණි. ඒ සදහා කිරාන් පවෙල් 45ක්ද, සහී හොප් ලකුණු 62ක් ලබා ගැනීමට සමත් විය. ලකුණු 106ක් සිය ජයග්‍රහණය සදහා අවශ්‍ය සිටි එංගලන්ත කණ්ඩායම සිය පළමු කඩුල්ල පමණක් දැවී සිය ජයග්‍රහණය වෙත පහසුවෙන් සමීප වීමට හැකි විය. තෙවන තරගයේ පන්දු යැවීම අතින් ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 42 කට කඩුළු 7ක් බිදහෙළීමට සමත්විය. ජේම්ස් ඇන්ඩර්සන් සිය ක්‍රිකට් දිවියේ ටෙස්ට් කඩුළු 500ක් දවා ගැනීමේ කඩඉම පසුකිරීමට සමත්විය.

මෙම අවසන් ටෙස්ට් තරගයේ හතරවන දිනයේදීම සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත්විය.




Related News