කාංචනට ඒකාබද්ධය එපා වෙයි.
Posted on 05.05.2017 by Lasantha Ranaweera in දේශීය පුවත් with 0 Comments
හිටපු කැබිනට් ඇමති මහින්ද විජේසේකරගේ පුත් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කාංචන විජේසේකර ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු නවතා දමන බවට ඔහු තම ෆේස් බුක් පිටුවේ සදහන්කොට තිබේ. එසේ සිදු කරනුයේ ජාතික ආණ්ඩුවට හෝ මෛත්‍රි පිලට එක් විමට නොවන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
අද දින සිට ඒකාබද්ද විපක්ෂයේ කටයුතු වලින් මදක් ඉවත් වීමට තීරණය කරන ලදී. මෙය කුමන විදියකින් හෝ රජයට එකතුවීමක් හෝ ජාතික ආණ්ඩුව නියෝජනය කරන මෛත්‍රී පිල සමග එකතුවීමක් හෝ ආණ්ඩුව කරන කිසිම පාර්ශවයක් සමග එකතු වීමක් නොවන අතර මා දරන ස්ථාවරය වඩාත් නිවැරදිව කිරීමට කරන කාර්යයක් පමණි. ඉදිරියටත් මාතර දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් කල හැකි දේ උපරිම ලෙස කිරිමටත් මට ලබා දුන් මනාපයේ ගෞරවය ආරක්ෂා කිරීමටත් කටයුතු කරමි.
කංචන විජේසේකෙර
Related News