தமிழ்
English
Contact
Sunday 5th May 2019    
කල්පිටියේ දූපත් ආයෙත් වෙන්දේසියේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කල්පිටියේ දූපත් ආයෙත් වෙන්දේසියේ



පුත්තලම දිස්ත‍්‍රික්කයේ කල්පිටිය ප‍්‍රදේශයේ පිහිටි දූපත් 11 ක් සංචාරක කර්මාන්තය වෙනුවෙන් දීර්ඝ කාලීනව බදු දීමට වත්මන් ආණ්ඩුව ද පියවර ගනමින් සිටින බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී මෙම දූපත් බදු දීමේ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක වූ අතර එයට එරෙහිව දැවැන්ත මහජන විරෝධයක් පැන නැඟිණි.

එම විරෝධය සැලකිල්ලට ගනිමින් එම ව්‍යාපෘතිය තාවකාලිකව නතර කෙරුණු අතර දැන් එය යළි අරඹා තිබේ. ශ‍්‍රී ලංකා සංචාරක අධිකාරිය මෙම දූපත් අවුරුදු 30 සිට 99 දක්වා කාලයකට බදු දෙන බව නිල වශයෙන් ප‍්‍රකාශ කර තිබේ.

මෙම ව්‍යාපෘතිය නිසා දැවැන්ත පරිසර විනාශයක් සිදුවීමට අමතරව ප‍්‍රදේශයේ ධීවරයන් විශාල පිරිසකගේ ජීවනෝපාය අහිමි වන බවට ද චෝදනා එල්ල වී තිබේ.

කෙසේ වෙතත් මෙම ව්‍යසනය සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ ජනතාව අතර පැතිර යන නොසන්සුන්තාව සැලකිල්ලට ගත් රජය ප‍්‍රදේශය පුරා දැනුවත් කිරීමේ ව්‍යාපාර ගණනාවක් අරඹා ඇතැයි ද වාර්තා වී තිබේ.




Related News