தமிழ்
English
Contact
Tuesday 23rd January 2018    
ඕස්ට්‍රේලියා පුරවැසිකම අවලංගුකළත් කුමාර්ගෙ පුරවැසිකම පිළිගන්න තව සතියක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඕස්ට්‍රේලියා පුරවැසිකම අවලංගුකළත් කුමාර්ගෙ පුරවැසිකම පිළිගන්න තව සතියක්!



පෙ.ස.ප. සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් විසින් සිය ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත්කර ගත්තද ලංකාවේ පුරවැසිභාවය පිළීගැනීමට බලධාරින් තවත් සතියක් කල් ඉල්ලන බව වාර්තා වේ.

ජාත්‍යන්තර නීතිය අනුව, ලෝකයේ පුරවැසිභාවය නොමැතිව පුද්ගලයකු සිටීම ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. එහෙත් ආණ්ඩුව විසින් කුමාර් ගුනත්නම්ට පුරවැසිභාවය දෙන්න නම් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත්කර ගත යුතු බවට කොන්දේසියක් පනවා  දැන් ඒ සදහා සතියක් කල් ඉල්ලා තිබේ. මේ පිළිබද පසුගියදා පැවැති ජනමාධය හමුවකදී පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මෙසේ අදහස් පළ කළේය.

“පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයාට පුරවැසිභාවය සම්බන්ධ ගැටලුවක් තිබුණා. ආණ්ඩුව ඒ සම්බන්ධව අවසානයට කිව්වෙ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත්කළ බවට ලිඛිතව කරුණු ඉදිරිපත් කරන්න කියලා. ඒ ඉවත්කළ ලේඛන ආගමන විගමන දෙපාර්තමේන්තුවට දෙන්න කියලා දැනුම් දී තිබුණා. දැන් ඒ ආකාරයට ඕස්ට්‍රේලියානු පුරවැභාවය ඉවත්කරගෙන ඒ ලේඛන ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා. ඔවුන් පූර්වයෙන් ප්‍රකාශ කළ ආකාරයට අප ඒ ලේඛන භාරදුන් වහාම පුරවැසිභාවය පිළිගන්නා බවයි ප්‍රකාශ වණේ. නමුත් දැන් අපි ඒ ලේඛන භාරදුන්නම අපට වාර්තා වුනේ ඒ සදහා තවත් සතියක කාලයක් ගත වෙනවා කියලා. අපි දන්නෙ නෑ ඒ කාලය සතියක්ද නැත්නම් ඊටත් වැඩි වෙනවද එහෙමත් නැත්නම් ඔවුන් වෙනත් දේකට සූදානම් වෙනවද කියලා. නමුත් දැනට අප ඒ සතියක කාලය බලා ඉන්න වෙනවා. දැන් කොහොමත් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සම්පූර්ණයෙන් ඉවත්කර ගෙනයි ඉන්නෙ. වෙන උත්තරවලට යන්න බෑ. ලංකාවේ පුරවැසිභාවය ලබාදෙන්න බලධාරින් බැදිලා ඉන්නවා.

ඇත්තටම බලධාරින් පූර්වයෙන් කියපු දේ සහ දැන් කියන දේ අතර පරස්පරයක් තියෙනවා. නමුත් අපි සතියක් බලනවා. එතැනින් පස්සෙ අවශය ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම් වෙනවා. එවැනි දේ ගැන ජනමාධ්‍ය හරහා දැනුවත් කරන්නම්.“




Related News