தமிழ்
English
Contact
Friday 8th December 2017    
ඕමානයේ 16 වසරක් සිරබත් කෑ නාලිනී ලංකාවට එයි! « Lanka Views | Views of the truth

ඕමානයේ 16 වසරක් සිරබත් කෑ නාලිනී ලංකාවට එයි!



කිසිදු වැටුපක් ලබා නොදී වසර 16ක් සිරකරගෙන සිටි කාන්තාවක් ඕමාන් තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් දිවයිනට ගෙන්වා තිබේ.

2001 වසරේ ගෘහ සේවිකාවක ලෙස ඕමාන් රාජ්‍යයට ගොස් ඇති පානදුර, මොරවින්න ප‍්‍රදේශයේ පදිංචි නාලනී ප‍්‍රනාන්දුට මේ දක්වා ඥාතීන් සමඟ කිසිදු සම්බන්ධතාවයක් පැවැත්වීමට ගෙහිමියා අවස්ථාවක් ලබා දී නොමැත. 2015 වසර වන විට ඇයගේ ගමන් බලපත‍්‍රයේ කාලය හා වීසා කාලය ඉකුත්වී ඇයව නැවත දිවයිනට එවීම සඳහා ඇය සේවය කළ නිවසේ හිමිකරු ඕමාන් බලධාරින්ට දන්වා ඔවුන් විසින් මේ පිළිබඳව  ඕමානයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට දැන්වීමෙන් පසුව තානාපති කාර්යාලයේ සුරක්‍ෂා නිවාසය භාරයට ගෙන තිබේ.

ඇය සේවය කළ ප‍්‍රදේශයට අයත් ජාලාන්බානි අධිකරණයේ නඩුවක් පවරා හිඟවැටුප් ගෙවන ලෙස නීතිය හමුවට යාමට තානාපති නිලධාරින් කටයුතු කර තිබේ. ඕමාන් රියාල් 9130ක් එනම් ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ තිස්හයකට ආසන්න මුදලක් හිඟ වැටුප් ලෙස ඇයට ගෙවීමට මුලින් එකඟ වූ පරිදි ස්වාමියා විසින් එම මුදල නොගෙවූ බැවින් කොටස් වශයෙන් ගෙවීමට අධිකරණයේදී පොරොන්දු වී රුපියල් ලක්‍ෂ තුන හමාරක මුදලක් නාලනී වෙත ගෙවා ඇත. ඇය වසර දෙකකට ආසන්න කාලයක් තානාපති කාර්යාල සුරක්‍ෂා නිවාසයේ කල් ගෙවු පසු, 2017 මැයි මාසයේ දිවයිනට එවා ඇත.




Related News