தமிழ்
English
Contact
Monday 9th October 2017    
ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රීජ් ලොව හොදම සරසවි දෙක වේ « Lanka Views | Views of the truth

ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රීජ් ලොව හොදම සරසවි දෙක වේ



ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රීජ් ලොව හොදම සරසවි අතර පළමු හා දෙවන ස්ථානවලට පත්ව ඇති බව ලොව පුරා විශ්වවිද්‍යාල පිළිබදව සිදුකරන ලද නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළිකර ඇත. මෙම වාර්තාව වැඩි දුරත් හෙළිකර ඇත්තේ ප්‍රථමවරට ලොවපුරා විශ්වවිද්‍යාල අතරින් පළමු හා දෙවන ස්ථාන දෙකම බ්‍රිතාන්‍ය සරසවි දෙකක් හිමිකර ගත් පළමු අවස්ථාව මෙය බවයි.

මෙම සමීක්ෂණය සදහා රටවල් 77ක උසස් අධ්‍යාපන ආයතන1000ක් යොදාගෙන තිබේ. මෙහි වැඩිම උසස් අධ්‍යපන ආයතන ගණනක් අයත්වන්නේ එක්සත් ජනපදයට බවද වාර්තාවේ.

මෙම තෝරා ගැනීමේදී විශේෂයෙන් අවධානය යොමුකරන ලද කරනු ලෙස එම සමීක්ෂණ ආයතනය දක්වා ඇත්තේ විශ්වවිද්‍යාලවල ඉගැන්වීම, පර්යේෂණ‍, කැදවීම්, ජාත්‍යන්තර පිළිගැනීම හා ආදායම යන කරුණු වෙත මූලික අවධානය යොමුකර තිබේ.  මෙම ප්‍රමුඛතා සකස් කිරීමේ සමීක්ෂණ ආයතනයේ ප්‍රධානියා වන පිල් බැටී පවසා ඇත්තේ පසුගිය වසරට අනුව මෙම ස්ථානයන් ලබාගත් ඔක්ස්ෆඩ් හා කේම්බ්‍රීජ් යන සරසවි දෙකටම බ්‍රිත්‍යානය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හේතුවෙන් ඉදිරියේදී විශේෂයෙන් ආදායම පහළයෑමේ තත්වයක් ඇතිවිය හැකි බවයි.

විශේෂයෙන් විදෙස් රටවලින් පැමිණෙන සිසුන් විශාල පිරිසක් මෙම ආයතනවලට විශාල මුදල් ප්‍රමාණයක් ගෙවමින් සිය අධ්‍යපන කටයුතු නිමකරනු ලබන බව වාර්තාවේ. විශේෂයෙන් ආසියානු රටවල් අතරින් චීනයේ හා ඉන්දියාවේ සිසුන් ලක්ෂ ගණනක් වසරක් පාසා මෙසේ බ්‍රිතාන්‍යයේ හා එක්සත් ජනපදයේ හා ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යපනය හැදෑරීම සදහා යොමුව තිබේ.

නිදහස් අධ්‍යපනයේ අයිතිය සෑම රටකම තිබිය යුතු මූලික අයිතියකි. නමුත් නව ලිබරල් ආර්ථික ක්‍රමය හමුවේ අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කර තිබෙන තත්වයක් තුල එම රටවල් සදහා විදෙස් විනිමය ලබා ගැනීමේ උල්පතක් ලෙස මෙම වර්ගීකරණයන් වැඩි දුරටත් යොදගනු ඇත.




Related News