උමා ඔය සේවකයන් වැඩ වර්ජනයක
Posted on 11.11.2017 by Janaka Thushara in දේශීය පුවත් with 0 Comments
නීති විරෝධී අන්දමින් සේවකයන් ඉවත් කිරීමට එරෙහිව උමාඔය ව්‍යාපෘතියේ සේවය කරන ශ්‍රී ලාංකික කම්කරුවෝ අද වැඩවර්ජනයක් ආරම්භ කළහ. පසුගිය 06 වැනිදා සේවකයන් සිව් දෙනකු සේවයෙන් ඉවත් කරන ලද අතර අද තවත් සේවකයන් නව දෙනකු සේවයෙන් ඉවත් කර තිබේ. උමා ඔය ව්‍යාපෘතියේ කම්කරුවන් සඳහන් කරන්නේ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව මෙලෙස සේවකයන් ඉවත් කරන බවයි.
මීට විරුද්ධව ඔවුන් කම්කරු කොමසාරිස්වරයා වෙත පැමිණිලි කර තිබේ. එමෙන්ම අද බදුල්ල පොලිසියටද පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. ඉවත් කළ සේවකයන් නැවත සේවයට ගන්නා ලෙසත් සේවකයන් ඉවත් කරන්නේ නම් අදාළ ක‍්‍රමවේද අනුගමනය කරමින් හා සුදුසු වන්දි මුදල් ලබා දෙමින් ඔවුන්ගේ සේවය අවසන් කරන ලෙසත් ඔවුහු බල කර සිටිති.
තමන්ට මාස පහකට ආසන්න කාලයක් තිස්සේ වැටුප් නොගෙවූ බවට චෝදනා කරමින් පසුගිය 19 වැනිදා එම ව්‍යාපෘතියේ සේවය කරන ඉරාන කම්කරුවෝද වැඩවර්ජනයක් දියත් කළහ. හිඟ වැටුප් ගෙවන බවට ඔවුන්ට පොරොන්දු වීමෙන් පසුව ඔවුන් නැවත රාජකාරි ආරම්භ කළ බව වාර්තා වේ.