தமிழ்
English
Contact
Saturday 9th December 2017    
උතුරු ලන්ඩනයේ අවදානම් තට්ටු නිවාසවලින් ජනයා ඉවත් කරයි « Lanka Views | Views of the truth

උතුරු ලන්ඩනයේ අවදානම් තට්ටු නිවාසවලින් ජනයා ඉවත් කරයි



උතුරු ලන්ඩනයේ සිය ගණනක් තට්ටු නිවාසවාසීන් අවදානම් තත්වයක් හේතුවෙන් වෙනත් ස්ථානවලට තාවකාලිකව පිටත් කර හැරීමට උතුරු ලන්ඩනයේ කැම්ඩන් නාගරික පරිපාලනය කටයුතු කර ඇති බව වාර්තාවේ.

විශේෂයෙන් පසුගියදා බටහිර ලක්ඩනයේ ග්‍රැන්පෙල් ටවර්හි අතිවූ ගින්න හේතුවෙන් එරට වැසියන් 100කට ආසන්න ප්‍රමාණයක් මියයෑම හේතුවෙන් මෙසේ කකිරීමට සිදුව තිබේ. මෙසේ අවදානම් තත්වයේ ඇති තට්ටු නිවාසවල සිටි පදිංචි කරුවන් ඉවත් කර විවේකීව ගත කරන ස්ථාන හා හොටෙල්වල තාවකාලිකව නවා ඇත.

විශේයෙන් ග්‍රෑන්පෙල් ටවර් ඉදිකරන ලද සමාගම විසින් ඉදිකර ඇති නිවාස පිළිබදව විශේෂ අවධානයක් යොම් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත් එංගලන්තයේ සමාජ සුභසාධනවල පැවැති නඩත්තු කිරීමේ හා ඒවා පිළිබදව නිසි සොයා බැලීමේදී යම් වරදක් සිදුව ඇති බවට එරට වැසියන් චෝදනා කරයි.

 




Related News